(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.
එම පුහුණු කෙරෙන නිලධාරීන්ට විශේෂ නිලඇදුමක් ලබාදෙන අතර විශේෂිත යතුරුපැදි 50 ක් සහ ගිනි අවි ලබාදී මැයි මස 01 වැනිදා සිට පාතාල මර්දන රාජකාරියට යොදවන බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව අපරාධ වැඩියෙන් වාර්තා වන බස්නාහිර පළාතේ තෝරාගත් පොලිසි 25 කට නිලධාරීන් 4 දෙනකු බැගින් එම පුහුණු කෙරන නිලධාරීන් අනුයුක්ත කෙරෙන බව ද පොලිසිය පවසයි.
ඊට අමතරව ලබන මස 1 වැනිදා සිට සෑම පොලිස් ස්ථානයකම සිටින නිලධාරීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ගෙවල් බිදුම්, කොල්ලකෑම්, මාල කැඩීම්, වාහන සොරකම් ඇතුළු බල අපරාධ මැඩලීමේ රාජකාරියට යොදවන බවද පොලිසිය පවසයි.
දකුණු පළාතේ පාතාල මර්දනය සදහා යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායම් විස්සට තවත් කණ්ඩායම් 10 ක් ලබන මස 1 වැනිදා සිට එකතු කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉහල පුටුවල ඉන්න උන්ගේ පාතාලයට තියන සම්බන්ධකම් ඇති තාක්කල් ඕවා කතන්දර
මෙච්චරකල් බුදියන් උන්නද ?දැන් එකපාරට පුහුණුව දීලා රාජකාරියට යොදවන්නේ ?ඔක්කොම ජෙප්පෝ ඉන්න තැනුත් කිව්වා නේද ?
යුද හමුදවේ කමාන්ඩො ,SF සහය ගත්තොත් නරකද ? නිකන් බෑරක්ක වල දලා පඩි ගෙවනවනේ තනියම ඔක කරනවට වඩා. මෙක රටටම බලපාන ප්‍රස්නයක්.