
(කාංචන කුමාර ආරියදාස)
මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු විසි එක සහ විසි හය වයස්වල පසුවන තරුයෝ දෙදෙනකි.
වතුර මෝටරය සොරාගෙන රුපියල් අනූ දහසක මුදලකට හසලක ප්‍රදේශයේ අයකුට අලෙවිකර තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම තරුණයන් මීට පෙර ද සොරකම් කිහිපයක් සිදුකරගෙන තිබෙන බව ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට තොරතුරු ලැබී තිබෙන බව විල්ගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂකයන් චතුර ඒකනායක මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියව අල්ලා ගත්තා නාකිමයින ගෙ ගොබ්බයො තුන්දෙනා කරපු දේවල් එවාට ඔවුන්ව අත් අඩන්ගුවට ගත්තාද. මිලියන ගනනින් දේපල හානි හොරකම් මිනිමැරුම් කෙරුවේ ගොබ්බ්බයො තුන්දෙනා. අම්මන්ඩිත් උදව් කෙරුවා ඒවට
අනුමානයක් නැහැ පොහොට්ටුවේසුනඛ පෝතකයෙක්ම තමයි ගහේ කටු උල්කරන්න අවශ්‍ය නැහැ වගේ උන්ගෙ ජන්ම ගති වෙනස්කරන්න බැහැ
පුදුමයි ඒත් ඇත්තයි මන්ත්‍රීගේ පුතා මේ වනතෙක් කිසිදු හොරකමක් කර නැත කියල.
පාර්ලිමේන්තුවට යන්න ආවාම සුදුසුකම් සපුරලා