
(යොහාන් භාසුර)
ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.
ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත රැසක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.
දක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ද වන ඒ මහතා විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක විය.
ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 21
257
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
306
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1229
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියි
Raveendra Friday, 12 November 2021 05:51 PM
ඔබට නිවන් සුව අත්වේවා....!!.
nalinSaturday, 13 November 2021 09:21 AM
නිවන් සුව අත්වේවා කියලාදාන එකටත් ඩිස්ලයික් දාන මිනිස්සු ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ... අහෝ ශ්‍රී ලංකාවට වූ දෙයක්...
තිස්ස Friday, 12 November 2021 06:41 PM
ඉතාම නිහතමානී, පරෝපකාරයට ලැදි උත්තම පුරුෂයෙක්. එතුමන්ට නිවන්සුව අත්වේවා...!
RaveendraFriday, 12 November 2021 08:34 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මොහු ඉතාම හොඳ "මහත්මයෙක්"...
Hemantha kumara Friday, 12 November 2021 06:54 PM
සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. ඔබට නිවන් සුව...
අප්පුහාමි Friday, 12 November 2021 06:59 PM
අහෝ දුකකි. එතුමාට අජරාමර නිවන් සුව අත්වේවා...!!!
ලුම්බිණි Friday, 12 November 2021 07:07 PM
හොඳ මිනිහෙක්.... නිවන් සුව...!!!
සත්‍යපාල Friday, 12 November 2021 07:18 PM
මිහිරි ගී සමුදායක් මියුරු හඬින් ඉදිරිපත් කළ එතුමාට නිවන් සුව ලැබේවා...!!!
විජිත් Friday, 12 November 2021 07:28 PM
සුබ ගමන්.... ඉතාම අහිංසක, නිහතමානි, ඔබතුමාට නිවන් සැප ප්‍රාර්ථනා කරනවා.
චන්දිම Friday, 12 November 2021 07:56 PM
එතුමා 1978 දී අපේ සංගීත ගුරුතුමා ලෙස කොළඹ ඉසිපතන විදුහලට පැමිණි දවසේ අපට දැනුනේ සූර්ය දිව්‍ය රාජයෙක් අපට ලැබුණා කියාය. ඔහු අප දුටු උතුම්ම සංගීත ගුරුවරයා විය. එදා අපට සංගීත පීරියඩ් එක ගෙවුනේ ඉතාම ඉක්මනිනි. බොහෝ දේ ඔහු අපට ඉගැන්වීය. එතුමාට නිවන් සුව පතනෙමි...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 November 2021 08:22 PM
අප හදවත් ගීත රසයෙන් අමන්දානන්දයට පත් කරවූ, සුන්දර අහිංසක නිහතමානී කලාකරුවාණෙනි, ඔබතුමාට නිවන් සුව...!!!
මහසෙන් Friday, 12 November 2021 08:22 PM
ඇතිදේ ඇති සැටියෙන් දැක ඔබ අපෙන් වෙන් විය. නිවනින් සැනසේවා. කරුමේ කිම වද වෙන මල් සදිසි මිනිස්සු...
පූජා. Friday, 12 November 2021 09:03 PM
සරා සඳ ගැන, ඔබ තරම් ළයාන්විතව ගී ගැයූ වෙනත් ගායකයෙක් නොමැති තරම්... කථාවෙනුත්, පෙනුමෙනුත් ඉතාමත්ම නිහතමානී, අහිංසක සොඳුරු මිනිසෙකු වූ ඔබ තුමාට අජරාමර නිවන් සුවය පතන්නම්..!!!
පිටිගල මිලානෝ Friday, 12 November 2021 09:31 PM
කිසිදිනක වයසට නොගිය හැමදාම තරුන පෙනුමෙන් සිටි පුද්ගලයෙක්. චන්ද්‍රලේඛාගේ දියනිය වින්ඩිත් සමග ගයන දැල්වූ පහන් ගීතයට මම හරිම කැමතියි. බොහෝ කලාකරුවන් අතර සිටි සම්භව්‍ය කලා ශිල්පියෙකි ලක්ශ්මන්.
Prasanna Rathnasiri Saturday, 13 November 2021 05:49 AM
‘‘සඳ කිනිති නැමී විල් දියෙහි රැඳි සොයයි සේයාව හදේ...‘‘ දිව සමග රැඳෙන තුරු නික්ම ගිය බව නොසිතමි... සසර මග ඉතාම කෙටිවේවා..!!!
Chinthaka Saturday, 13 November 2021 09:22 AM
ඉතාමත් දක්ෂ සංගීත ශිල්පියෙක්..., කලා ලෝකෙට තවත් පුරවන්න බැරි අඩුවක්... ඔබ අමා මහ නිවන් සුව පතමි...
Sunil Saturday, 13 November 2021 11:05 AM
නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!!! නියම මහත්මා ගුණැති කෙනෙක්...
Vipula Saturday, 13 November 2021 11:26 AM
ඔබට නිවන් සුව... ගංගා සහ නිශ්ශංක තුළින් අපි පොඩි කාලේ අපිට ඇතිවූ ඒ ලැදියාව කවමදාකවත් අඩුවුණේ නැහැ... ඉතාම හොඳ කලාකරුවෙක්. ඇයි මේ සොබාදහම මේ හොඳ මිනිස්සු අරන් යන්නේ? කොච්චර නම් යහතින් ඉන්නවද මේ බිමට සාපයක් වූ අය...?
sharm warn Monday, 15 November 2021 09:38 AM
සුන්දර නිහතමානී ඇති දක්ෂයකුගේ නික්ම යාම .මේ හිඩැස පිරෙන්න කාලයක් ගත වේවි. ආදරණීය කලා කරුවාණෙනි ඔබට නිවන් සුව අත් වේවා