
(යොහාන් භාසුර)
ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අතිශය සෘජුවම බලපාන විෂයයන් හතරකට අදාල ප්‍රබල ආයනයන් රැසක් ක්‍රියාත්මක වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි.
එම ක්‍රියාවලිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතවක්කු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් රැසක් එම සාකච්ඡාවට සහභාගි වූහ.
එම අමාත්‍යංශයට අදාල ආයතනවල දැනට පවතින ඩිජිටල් භාවිතය පිළිබඳ තත්වය ද එහි ගැටලු ද අවශ්‍යතාවයන් ද එම සාකච්ඡාවේදී වෙන වෙනම සළකා බැලූ බවත් අයවැයට අදාළ සංවර්ධන කටයුතු සියල්ල ද එම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සදහා ද ඩිජිටල්කරණය යොදාගැනීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදෙස් දුන් බවත් ප්‍රවාහන අමාත්‍යංශය කීය.
COMMENTS
බස් කෝච්චි පොදු ප්‍රවාහනය කාඩ් එකක් භාවිතා කරන්න හදලා සේවකයෝ අඩු කරන්න. එතකොට කෝච්චි බස් ලාබෙට දුවයි...
ඉතාමත් කාලෝචිත අදහසක්...!