IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙබ් අඩවියට රන් සම්මානයක්

ප්‍රයිම් ලෑන්ඩ්ස් සිය නිල ආයතනික වෙබ් අඩවිය වෙනුවෙන් 13 BestWeb.lk සම්මාන උළෙලේදී ආයතනික කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මීට පෙර 2020 වසරේදී ද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk රන් සම්මාන හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි.

වෙබ් අඩවියක නිර්මාණශීලීත්වය, ග්‍රැෆික් නිර්මාණකරණයේ ගුණාත්මකභාවය, කලාත්මකභාවය, තාක්ෂණික විශේෂඥභාවය සහ අන්තර්ගතයේ ගුණාත්මකභාවය යනාදී සාධක සැලකිල්ලට ගනිමින් BestWeb.lk සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සෑම විටම තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දීමටත්, පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමටත් ප්‍රමුඛත්වය දී කටයුතු කරයි. ඒ ඔස්සේ පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට සමත් වීමද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත මෙම සම්මානය හිමි වීමට ප්‍රධානතම හේතුවක් විය.

“අපේ වෙබ් අඩවිය ඉතා ආකර්ශනීය, පහසුවෙන් භාවිත කරන්න පුළුවන් වගේම නිරායාසයෙන් මතකයේ රැඳෙනසුළු බව මේ රන් සම්මානය හිමි වීමට මූලිකවම හේතු වුණා. ඒ වගේම නවීන තාක්ෂණය ඔස්සේ අපගේ පාරිභෝගිකයන් වෙත විශිෂ්ටතම සේවාවක් ලබා දීමට ප්‍රයිම් සමූහය කළ කැපකිරීම එනම් අප කෙරෙහි පවතින දැඩි විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නවීනත්වය ඔස්සේ පහසුවෙන් භාවිත කළ හැකි අන්දමේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ වෑයම අති සාර්ථක වූ බව මතක් කරනුයේ නිහතමානී ආඩම්බරයකිනි. තම නිවස හා බැඳුනු සතුට, සැනසුම හා නිදහස වැනි පාරිභෝගිකයන්ගේ ජීවන ගමනේ සුවිශේෂී අත්දැකීම් වෙබ් අඩවිය තුළ තාක්ෂණය ඔස්සේ සාර්ථකව ප්‍රතිනිර්මාණ සඳහා පැවති ඉලක්කය සපුරා ගත් බවට මෙම රන් සම්මානය මගින් යළිත් තහවුරු වන බව” ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.

595



අදහස් (0)

ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙබ් අඩවියට රන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1044 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site