
කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස් රාජ්‍යයේ සිට උතුරු දෙසින් කිලෝමීටර් 32.1 ක් සහ කේමන් දූපත් වලට කිලෝමීටර් 209.2 ක් නිරිත දෙසින් පිහිටන බව ද ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින්, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. සුනාමි අනතුරු නිකුත් කෙරුණේ,
කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටරිකා, හොන්ඩුරාස්, නිකරගුවා සහ කියුබාව යන රටවලටය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝත් නැත එතැන.