(ඩයනා උදයංගනී)

පළාත් කිහිපයකට අද (22) දිනයේදී තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද ඔහු කීවේය.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ,උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.