IMG-LOGO

පළාත් මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්

රංජන් කස්තුරි
 
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන පනතකින්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කරන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

 
පළාත් සභා මැතිවරණය 1988 අංක 02 දරණ පැරණි පනත යටතේ මනාප ක්‍රමයට ද නැතිනම් 2017 අංක 17 දරන සංශෝධිත පනත යටතේ මිශ්‍ර ක්‍රමයට පැවැත්විය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ගත යුතු බව ද මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන්වේ.
 
සීමා නිර්ණය වාර්තාව ගැසට් පත්‍රයේ මුද්‍රණය කර නීතියක් බවට පත්ව නැති හෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීති ගැටලු මතුව තිබෙන බව ද එහි සඳහන්වේ.



අදහස් (12)

පළාත් මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්

Amila Sunday, 07 April 2019 05:21 PM

පලාත් සභා නැතුව ඔය ලස්සනට වැඩ වෙන්නේ වෙනදා වගේම. ඕක අහෝසිම කරලා දාන්න ඕන. ඕකට දීලා තියෙන බලතල මධ්‍යම රජයට හෝ ප්‍රාදේශීය සභා වලට ගන්න ඕන. පාලත් සභාව දැන් ඔක්කොම දේශපලුවෝ භාවිතා කරන්නේ තමන්ගේ පවුලේ අයව ඊලග තලයට ඔසවලා තියන පුහුණු කදවුරක් වගේ සහ තමන්ගේ දේශපාලන උදව් කරුවන්ට නවාතැන් පොලක් ලෙසනේ. මහජන මුදල් නිරාපරාදේ නාස්ති කරනවා.

:       5       117

Samathasena A . Aluthgamage.Monday, 08 April 2019 01:37 AM

අමිල මහතා,ඔබතුමාගේ අදහස් වලට මාද එකඟයි.පළාත් සභා කියන සුදු අලියාට මේ පුංචි රටේ ජනතා බදු මුදලින් විශාල මුදල් කොටසක් වෙන් වෙනවා.සියලු සැප මැද සුපිරි වාහන.ඒ මොනවා උනත්,කොයි වෙලෙත් අරගල ගාලගෝට්ටි.කිසිම සංවරකමක් හෝ හැදියාවක් නැහැ.මේ වැඩකට නැති පළාත් සභා අහෝසි කොට ඒ වෙනුවෙන් වැයවෙන මහා ධන සම්භාරය රටේ යහපතට යෙදවිය යුතුයි.මේ වැනි පුංචි රටකට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පමණක් සිටීම සෑහේ.

:       0       74

tdMonday, 08 April 2019 11:03 AM

අමිලගේ කතවට 100% අනුමත කරමි. පළාත් සභා මැතිවරණය 1988 අංක 02 දරණ පැරණි පනත යටතේ මනාප ක්‍රමයට ද නැතිනම් 2017 අංක 17 දරන සංශෝධිත පනත යටතේ මිශ්‍ර ක්‍රමයට හෝ පැවැත්විය යුතු නැත. වසර 30කට වැඩ වැඩි කාලයක් පවත්වාගෙන එන ලද රටටත් මහජනත්වටත් බරක් වූ පළාත් සභාව පිළිබදව පාර්ලිමේන්තුව තුළින් තුනෙන් දෙකක් හෝ ජනමත්ව විචාරණයකට ගොස් මතය විමසුවා හොත් 99% ජනතාව කියන්නේ මේ සුදු අලියාගෙන් වැඩක් නොමැතිබවය. ප්‍රාදේශීය සභා නගර සභා පුලුකර පළාත් සභාව අහෝසිකිරිම වඩාත් කාලෝචිතය. පළාත් මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කෙසේ වුවත් ජනත්වනම් කිසිසේත්ම කැමති නැත.

:       0       2

කරු Monday, 08 April 2019 01:15 AM

ඇත්තටම මේ කොමිසමේ සබාපතිට ඇස් ඇරිල තියෙන්නෙ දැන්ද? මෙච්චර කල් නිදාගෙනද හිටියෙ?

:       26       23

wijenayake Monday, 08 April 2019 05:08 AM

මම පළාත් සභාවක සේවය කරන කෙනෙක් පළාත් සභා නැති වුනොත් මට ලැබිය යුතු වරප්‍රසාද කීපයක්ම අහිමි වෙනවා ඒ වගේම රු.5000-10000 අතර මුදලකුත් අහිමි වෙනවා. මගේ ජීවිතේ සැපවත්භාවය වැඩිකර ගැනීමට පළාත් සභා තිබිය යුතුයි. නමුත් පළාත් සභාවකට වන මුදල් නාස්තිය මම ඇස් පනාපිට හැමදාම දකිනවා. රජයක් වශයෙන් වැය කරන 100% මුදල් නාස්තියක්, මේ පළාත් සභා නැති කළොත් ජනතාවගේ බදු බර ටිකක් අඩු කළ හැකියි. එයින් මම ඇතුලු සියලුම ජනතාවගේ ආර්ථිකය තව ටිකක් ඉහළ යාවි. නැත්නම් පළාත්සභාවලට යන සියලු මුදලින් අහිමි වුනැයි සලකන උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. සංහිඳියාව මනුස්සකම ඇත්තේ එතනයි. දේශපාලන නායකයින් හරහා සංවර්ධනය නොකර රාජ්‍ය ආයතන හරහා පමණක් සංවර්ධන ක්‍රියාමාර්ග කරන්න අපේ රට දියුණු කිරීමට ණය අවශ්‍ය නැත අපේ රටේ සම්පත් හොඳටම ප්‍රමාණවත් බව මගේ අදහසයි. ණය ගැනීම යනු කීපදෙනෙක් පෝෂණය වීමට කරගන්නා උපාය මාර්ගයක් පමනයි.

:       1       76

සිරිබිරිස්Monday, 08 April 2019 07:38 AM

අපට පෙනෙන්නේත් වැඩි දෙනෙකුගේ අදහසත් පළාත්සභා අහෝසිකල යුතු බවයි. ලෝකයට ණයවෙවී සිටිනවාට වඩා අනවශ්‍ය වියදම් ලෙස නඩත්තුවන පළාත්සභා අහෝසිකර එම මුදල් යොදවා මේ රට ගොඩ නගමුද එසේ නැත්නම් දේශපාලුවන් සැපවත් කරන පළාත් සභා රැකගනිමුද. මම හිතන්නෙ කොට්ඨාශයට වග කියන මන්ත්‍රී කෙනෙක් පත්කර පලාත් පාලන ආයතනත් අහෝසි කිරීම රටේ යහපතට සුදුසුයි කියලයි

:       1       5

matalanTuesday, 09 April 2019 12:28 AM

ඔක්කොම හොරු... පේනවනේ ඉසුරු දේවප්‍රිය කරපු පිස්සුව.

:       0       0

Sriyal Monday, 08 April 2019 06:18 AM

දැන් ඕක ජනමත විචාරණයක් සදහා යොමු කිරීම වැදගත් වේ. මෙපමණ කලක් ගත වී ඇතත් රජයට විසදුම් ලබා දීම නොහැකි නිසා ජනතාව තීරණය කරාවි

:       0       8

smith Monday, 08 April 2019 08:15 AM

පළාත්සභා ඡන්දෙ තිබුනේ නෑ කියලා ඒ පළාත්වලට කිසිම අඩුවක් උනේ නැති නිසා, ශ්‍රේෂ්ඨාධිකරණේ, පළාත්සභා නැතිකරලා දාන්න.

:       0       42

Sumith Monday, 08 April 2019 08:49 AM

ඔය කොමිසම් වලින් ජනතාවට හුළං..

:       0       1

SriyalMonday, 08 April 2019 10:30 AM

ඒක ඇත්ත... බොරුවට ජනතාව මුලාකරමින් වැඩකරනවා. කලින් වගේ හරියට වැඩක් නෑ...

:       0       1

Bamunuarachchi Tuesday, 09 April 2019 03:11 PM

පලා බබා අපිට එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site