IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පිළිකා නාශක ගුණැති ප්‍රතිශක්තිය වඩන ’මුරුංගා’

දේශීය එළවළුවල පෝෂණ ගුණය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. අනාදිමත් කාලයක සිටම මිනිස්සු දේශීය එළවළු පලතුරුවලට හුරු වීම හේතුවෙන් නිරෝගිමත් ජීවිතයකට උරුමකම් කිවූහ. අද මෙන් නොව එකලදී ආනයනික ආහාර සුලබ නොවූයෙන් වස විසෙන් තොර දේශීය ආහාරවලට ලැබුණේ ප්‍රමුඛස්ථානයකි. ඒ අතර මුරුංගා යනු පෝෂණ ගුණයෙන් ඉහළ රසවත් එළවළුවක් සේම ඔසු ගුණයෙන් සපිරි ආහාරයකි. අතීතයේ සිටම ලාංකිකයා මුරුංගා ගසෙන් ප්‍රයෝජන රැසක්ම අත්පත් කර ගත්තේය.

එනම් ආහාරයක්, ඖෂධයක් සේම තේ වැනි පාන වර්ග සෑදීමටත්, මුරුංගා ඇට යොදා ගනිමින් ජල පිරිපහදුවටත්, පොහොරක් වශයෙනුත්, ඉඩමේ ඉඩ අඩු නොකොට වැට මායිමට සිටුවීමටත් මුරුංගා ශාකය ඉවහල් විය. ප්‍රාතිහාර්යයේ ගස එසේත නැත්නම් ජීවයේ ගස යන නම්වලින් හැඳින්වෙන මුරුංගා කර්කශක දේශගුණයට පවා ඔරොත්තු දෙන වස විස නොමැතිව වගා කළ හැකි ශාකයකි.

පෝෂණ ගුණය

දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව නිර්මාංශිකව සපුරා ගැනීමේ පිළියමක් ලෙස භාවිත කළ හැක.

කිරි මෙන් කිහිප ගුණයක අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහිත ප්‍රෝටීන පමණක් නොව විටමින්, ක්ෂුද්‍ර පෝෂක ප්‍රභවයක් ලෙසද භාවිත වේ.

එක් එක් ආහාරවලට සාපේක්ෂව මුරුංගා වියළි කොළවල ඇති පෝෂණ ගුණය

බිත්තර මෙන් හතර ගුණයක් ප්‍රෝටීන් ඇත.

කැරට්වල මෙන් දස ගුණයක් විටමින් A ඇත.

කිරිවල මෙන් දාහත්  ගුණයක් කැල්සියම් ඇත.

තිරිඟුවල මෙන් 4.5 ගුණයක් විටමින් E ඇත.

නිවිතිවල මෙන් විසිපස් ගුණයක් යකඩ ඇත.

සෝයා බෝංචි මෙන් දෙගුණයක් ප්‍රෝටීන් ඇත.

කෙසෙල්වල මෙන් පහළොස් ගුණයක් පොටෑසියම් ඇත.

ඌරු මස්වල මෙන් දස ගුණයක් විටමින් B3 ඇත.

සාඩින්වල මෙන් 50 ගුණයක් විටමින් B2 ඇත.

යෝගට්වල මෙන් නව ගුණයක් ප්‍රෝටීන් ඇත.

හරක් මස්වල මෙන් 4.5 ගුණයක් ෆෝලික් ඇසිඩ් ඇත.

රට කජුවල මෙන් 50 ගුණයක් විටමින් B3 ඇත.

ඇපල්වල මෙන් පස් ගුණයක් තන්තු ඇත.

අමු මුරුංගා කොළවල  දොඩම්වල මෙන් 07 ගුණයක් විටමින් C ඇත.

මුරුංගා ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ ගුණය

ඔසු ගුණය

මුරුංගාවල පිළිකා නාශක ගුණයක් අන්තර්ගතයි. ප්‍රතිශක්තිය වඩවයි. අධි රුධිර පීඩනය අවම කිරීම,රුධිර ගත කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පාලනය කරයි. අපස්මාරය , හිසරදය ඇතුළු ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා හිතකර වේ. මල බද්ධය ඇතුළු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා යෝග්‍ය වේ. ඇසේ පෙනීම වර්ධනය සඳහා විටමින් හා ක්ෂුද්‍ර පෝසක සපයයි.

මුරුංගාවල ඇති විටමින් ඇතුළු ක්ෂුද්‍ර පෝෂක ගුණය නිසා එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම රැලි වැටීම වලක්වාලයි. සම වර්ණවත් කෙරේ. තුවාල සුව වීම ඉක්මන් කරයි. හිස කෙස් වර්ධනය වේ.

එසේම තෛරොයිඩ් ග්‍රන්ථිය, අක්මාව, සන්ධිගත රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග සඳහා යෝග්‍ය වේ.

රක්තහීනතාව මැඩලීමට අවශ්‍ය යකඩ සපයයි.

මුරුංගා ශාකයේ කොටස් ආහාර ලෙස ලබා ගැනීම

ආහාරයක් වශයෙන් අපේ බොහෝ අවධානය යොමු වී ඇත්තේ මුරුංගා කරල් වෙතය. එහෙත් ශාකයේ අනෙක් කොටස්ද ආහාරයේදී භාවිත කළ හැකිය.

ඒ අනුව මුරුංගා කරල්වලින් රසවත් වෑංජනයක් පිළියෙළ කර ගත හැකියි. පත්‍ර මගින් වෑංජනයක්, මැල්ලුම්, සම්බෝල, සුප් සහ කැඳ සඳහා භාවිත කළ හැකිය. මුරුංගා මල් වෑංජනයක් මෙන්ම තම්බා පානය කළ හැකි වීමද විශේෂත්වයකි. මුරුංගා ඇට කබලේ බැද වෑංජනයක් වශයෙන් පිළියෙළ කරගත් විට ඉතාම රසවත්ය.මුරුංගා ඇටවලින් ලබා ගන්නා තෙල් සලාද වශයෙන් යොදා ගත හැකිය.

කෘෂි කර්මාන්තයට ඇති දායකත්වය

මුරුංගා වගාවේදී හෝ මුරුංගා ආහාරයට ගැනීමේදී වස විස භාවිතයක් නැත. මුරුංගා ශාක කොටස් දිය කර පරිසර හිතකාමී පොහොරක් ලෙස විදේශ රටවල භාවිත කෙරේ.

ආර්ථිකයට ඇති බලපෑම

ශාකයේ සියලුම කොටස් ආහාරයට ගත හැකි නිසා මෙන්ම පෝෂණ ගුණය ඉහළ බැවින් ආහාර වේල පූර්ණ වේ. ප්‍රතිශක්තිය ඉහළ නැංවීමෙහිලා වෙනත් රෝග වෙනුවෙන් වැයවන ධනය හෝ සම්පත් ඉතිරි කර ගත හැකිය. මුරුංගා යොදා ගනිමින් කරන නිෂ්පාදන ගෘහ කර්මාන්තයක් ලෙස ආදායම් ඉපයීමට භාවිත කළ හැකිය.

බටහිර රටවල vegan නිර්මාංශ ප්‍රවණතාව අනුගමනය කරන අයට අවශ්‍ය ශාකමය ප්‍රෝටීන් ප්‍රභවය ලෙස මුරුංගා පත්වී ඇත. ඒ අනුව බලන කල මුරුංගා යනු අපනයන සම්පතකි.

අපේ රටේ දේශගුණ තත්ත්වය යටතේ පහසුවෙන් වගා කළ හැකි වීම නිසා ඉතා පලදායී කර්මාන්තයක් වශයෙන් රට පුරා ව්‍යාප්ත කිරීම මගින් රටේ ආර්ථික දියුණුවට දායක විය හැකිය.

මූලාශ්‍ර -Moringaoleifera ;A review on nutritive importance and its medicinal application Gopalakrishnan Let al;2016

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

පිළිකා නාශක ගුණැති ප්‍රතිශක්තිය වඩන ’මුරුංගා’

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 729 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 258 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 471 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 195 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 165 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 355 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site