IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


පිහි ඇනුමකින් අයෙක් මරුට

(පද්මසිරි ගාර්දියවසම් )

 තිස්සමහාරාම ,පුංචි අකුරුගොඩ සංචාරක අවන් හළක් තුළ අද (04) අලුයම සිදුවූ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පැවසීය .

තිස්සමහාරාම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු එක්ව මෙම සංචාරක අවන්හල තුලදී මත්පැන් පානය කර ඇති අතර ඉන් දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු එක් අයෙකු අනෙකාට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය කීවේය .

මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිස්සමහාරාම, පුංචි අකුරුගොඩ පදිංචි සංචාරක සෆාරි  ජීප් රථයක රියදුරෙකුවූ රවීන්ද්‍ර චතුමාල් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි. 

ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ දේහය තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලේ තැන්පත් කර තිබේ  



අදහස් (0)

පිහි ඇනුමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6143 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site