(ක. ග. කරුණාරත්න)
බකමූණ යාය 4 ප‍්‍රදේශයේද අද(16) අලුයම කාන්තාවකට පොරවකින් පහරදී ඝාතනය කර ඇගේ අනියමි සැමියාද දිවි හානිකරගෙන ඇතැයි බකමූණ පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර නිවෙසේ කාමරයක ඇඳක් මත තිබෙන බවත් සැමියාගේ මළසිරුර නිවෙස ආසන්නයේ පිහිටි කොස් ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බවත් පොලීසිය සඳහන් කළේය. අලුයම 3.30ට පමණ මෙය සිදුව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාව 42 හැවිරිදි චන්‍ද‍්‍රකලාදේවි නැමැති මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවත් සියදිවි නසාගෙන තිබෙන ඇගේ අනියමි සැමියා බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොවුන් දෙදෙනාටම කලින් වෙනත් විවාහයන් සිදුකරගෙන තිබෙන අය බවත් දැනට මාස හයක පමණ කාලයක සිට එක්ව වාසය කරන බවත් හෙළිදරව් වී ඇති බවද පොලීසිය පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පහරදී කාන්තාවක් ඝාතනය කරලා