(ප්රසාද් රුක්මල් )
මහියංගණ අරාවත්ත 51 කණුව ප්රදේශයේදි යකඩ පොල්ලකින් හිසට පහරදී පෙදරේරුවකු ඝාතනය කර ඇතයි මහියංගන පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගන අරාවත්ත 50 කණුව ප්රදේශයේ පදිංචිව සිටි රූපසිංහගේ නිලන්ත (48) නැමති පෙදරේරුවකු යැයි පොලිසිය කීය .
මොහු සිය වැඩිමහල් සහෝදරයා සමග ඊයේ(22) රාත්රි නිවසේ සිට මහියංගන පදියතලාව මාර්ගයේ අරාවත්ත 51 කණුව සිය සහෝදරයාගේ කඩ කාමරයට ගොස් ඇතයි ද පොලිසිය පැවසීය .
මෙහිදී සහෝදරයා ඒ අසල මත්පැන් අලෙවිහළකට අසලට ගොස් ඇති අතර එහිදි ඒ අසල සිටි තරුණයන් දෙදෙනකු සමග බහින්බස් වීමක් හටගෙන ඇති බවත් පොලිසිය සදහන් කලේය .
පසුව සහෝදරයා කිසියම් අවශ්යතාවයකට එම ස්ථානයෙන් පිටව් ගොස් ඇති අතර, පසුව ආරවුල හටගත් තරුණයන් දෙදෙනා ඒ අසල කඩකාමරයට ගොස් එහි මත්පැන් පානය කරමින් සිටි ආර්වුල ඇතිවූ අයගේ බාල සොහොයුරාට මෙසේ යකඩ පොල්ලකින් හිසට පහරදී ඝානතය කර ඇති බවත් පොලිසිය පවසයි
මේ සම්බන්ධයෙන් දැනට මහියංගන 51 කණුව ප්රදේශයේ 23 හැවිරිදි තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් තවත් අයෙක් අත් අඩංගුවට ගැනිමට නියම්ත බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd