IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘පොහොට්ටුව කළ කී දේවල් අද පාරාවළල්ලක් වෙලා‘‘

"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස සිටියදී කෝටි 9990 ක මහ බැංකු මහා කොල්ලයට චෝදනා ලැබුවා. පොහොට්ටු පක්‍ෂයේ නායකයන් ඒ චෝදනාව ජනගත කළා. ජනතාව එය පිළිගත්තා. 2019 මහ මැතිවරණයෙන් එජාපයේ අන්ත පරාජයට ප්‍රධාන සාධකය වුණේ එය යැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඉදිරි ජනපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දෙනියාය කොටපොළ ගල්දොලදී පැවැති ජන හමුවක් අමතිමින්

එහිදී අදහස් දැක් වූ කුමාරසිරි හෙට්ටිගේ මහතා මෙසේ ද කීය.

මහ බැංකු හොරා ලෙස පොහොට්ටුවේ පිරිස එදා චෝදනා කළ රනිල් මහත්තය පසුව පාර්ලිමේන්තුවේ ඡන්ද 134 න් ජනාධිපති කළා. දැන් එය පොහොට්ටු පක්ෂයට පාරාවළල්ලක් වෙලා . පක්‍ෂය සුනුවිසුනු වෙලා ."

අද වන විට පොහොට්ටුවේ සාමාජිකයන්ට යන එන මං නෑ. ප්‍රතිපත්තිගරුක දේශපාලනය නැති තැන සිදුවන්නේ විනාශයක්. ඒ අයට ලජ්ජා බයක් නෑ .

අපට මේ අප්‍රසන්න ජරාජීර්ණ දේශපාලනය වෙනස් කරන්න කාලය ඇවිත්. එය කරන්න පුළුවන් එකම නායකයා ලෙස බහුතර පොදු ජනයා විශ්වාසය තබා ඇති සජිත් ප්‍රේමදාස මහතායි . ඔහු දුෂණයෙන් තොර සංවේදී නායකයෙක් . අපි ඔහුට ඉදිරි ජනාධිපතිවරණයෙන් රට බාර දෙමු . දෙනියාය සජබ සංවිධායක කේ .ටි .මහින්දරත්න කතා ඇතුළු කිහිප දෙනෙක් කතා කළහ .

මෙම අවස්ථාවේදී දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අනිල් වීරමන් මහතා සජබ යට සහාය පළකිරීමට එක් වීම විශේෂ සිද්ධියක් විය .



අදහස් (6)

‘‘පොහොට්ටුව කළ කී දේවල් අද පාරාවළල්ලක් වෙලා‘‘

සුසා Sunday, 11 August 2024 01:46 PM

කුමාරසිරි හෙට්ටිගේ ඇතුළු පිරිස ගණන් ගන්න එපා.. පොහොට්ටුවට වෙච්චි දේ. සජබ කියන්නේ යූඑන්පී එක සුනුවිසුනු කරලා හදපු පක්ෂයක්. ඔයාලාට හොඳ නම් එයාලාටත් හොඳයි. ඒ නිසා සද්ද නැතුව ඉන්න. නැත්නම් ඔයාලාගේ පරණ කුණුත් මේ වගේ එළියට එයි...

:       6       47

ගමේ එකාලා Sunday, 11 August 2024 03:04 PM

සුද්දවන්තයෝ වගේ කතා කෙරුවාට ඔය කාගේ කාගෙත් කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ....

:       5       35

සෙනෙවිරත්න Sunday, 11 August 2024 04:02 PM

මහින්දගෙන් හම්බ කරගත්තේම නැහැ එහෙනම්...!

:       2       24

sene Sunday, 11 August 2024 04:09 PM

ඔව්නේ සුද්දවන්ත රතු අලි පැටියා දැනටම චීනෙන්, ඉන්දියාවෙන් මුදල්වලින් රට ගිය බව ඔහුම කියා ඇත. ඕවාට තමයි පගා කියන්නේ. ඔන්න සුපිරි සුදනෝ, රනිල් වගේ...

:       17       13

Nishan Monday, 12 August 2024 04:34 AM

පොහොට්ටුව විතරක් නෙවෙයි ඔවුන්ව බලේට ගෙනාපු ජේවීපී එකටත් එහෙම වෙලා. 87-89 කාලේ අහිංසකයන්ගේ බෙලි කපලා වැටේ ගහපු පාපකර්ම ආපස්සට කැරකිලා ඇවිල්ලා අද වෙනකන් කිසි වගතුවක් නැති වෙලා

:       3       2

Bunny Preena Monday, 12 August 2024 10:38 AM

අමතක කරමු පැරණි කතා... එකවෙමු ජාතික දියුණුව පතා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 120 0

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය
2025 මැයි මස 02 106 0

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 422 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 237 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 406 1

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 332 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 420 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 108 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1134 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site