
(අංජුල මහික වීරරත්න)
පසුගිය ආණ්ඩු මෙරට සෞඛ්‍ය සේවාවේ තෘතීයික සහ ද්විතීයික ආයතන ශක්තිමත් කිරීමට යොදවන ලද අවධානය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට යොදවා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
"ආරෝග්‍යා සුවතා" මධ්‍යස්ථාන පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ තෙවන "ආරෝග්‍යා සුවතා" මධ්‍යස්ථානය කළුතර තල්‌පිටිය දළදාවත්ත පවුල් සෞඛ්‍ය සේවා සායන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
සෞඛ්‍ය සේවාවේ දැවැන්ත වෙනසක් සිදු කරමින් වසර 3 ක් පුරා ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ තුන්වන මධ්‍යස්ථානය ලෙසත්, කළුතර දිස්ත්‍රික්කයේ පළමු මධ්‍යස්ථානය ලෙසත් තල්‌පිටිය “ආරෝග්‍යා සුවතා” මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
වර්තමානයේ සහ අනාගතයේ ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා ගොඩනැගිලි ඉදිකරමින් දේශපාලන වාසි ලබාගැනීමට වඩා වර්තමානයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නගා සිටුවමින් සහ සෞඛ්‍ය සේවා ලබාගැනීමට ජනතාවට ප්‍රවේශය පහසු කරවමින්, ජනතාවගේ සෞඛ්‍ය රැකබලා ගන්නා, ජනතාවගේ සෞඛ්‍යයට වගකියන නව ක්‍රමවේදයක් තුළ සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කිරීම කාලෝචිත බව අවධාරණය කළේය.

2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පහුගිය ආණ්ඩු ගමේ සෞඛ්‍යයට දුන්නේ කුඩම්මාගේ සැලකිලි