IMG-LOGO

පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්

(රංජන් කස්තුරි)

රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට  අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන අධ්‍යාපනවාරයේදී  එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද බත්තරමුල්ල  ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යවරයා එසේ කීය.

මීට අමතරව රටපුරා දැනට තිබෙන අධ්‍යාපන කලාප 100 කලාප 120 දක්වා වැඩි කරන බව ද අධාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන කලාප සංඛ්‍යාව ඉහළ නැංවීමෙන් පසුව ගුරුවරුන්ගේ පරිපාලන ගැටළු විසඳා ගැනීම පහසුවෙන් බව ද එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.



අදහස් (8)

පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්

sharm war Thursday, 15 December 2022 04:52 PM

ආ... ඒ ගමන්ම 10000ක් පාසල් 1000ට බැස්සාද? තව අවුරුද්දක් විතර යද්දී 500ක් වත් කරයිද දන්නේ නැහැ. මේවා නිසා පාසල් දරුවන්ට කොච්චර අසාධාරණයක්ද මේ කරන්නේ? මේ 1000 ට දීලා පස්සේ කියයි ‘‘අපි පාසල්වලට අන්තර් ජාල ලබාදුන්නා. දැන් ගුරුවරුන්ට මාර්ගගතව උගන්වන්න පුළුවන්...‘‘ කියලා.

:       1       13

facebook පාඩම Thursday, 15 December 2022 07:15 PM

හා... ඇත්තද...! එහෙම නම් අම්මලාට සිරාවටම 'ඔන්ලයින්' පාඩම් කරනවා කියලා පෙන්නලා මුහුණු පොතේ 'ඔන්න-ලයින්' වැඩ හෝ ගාලා පින්තූර දාලාම සිද්ධවෙලා ගෙදර අගේට හිටිය අය විනාශ කරලා කියලා පොලිසියට හිටු ගාලා වාර්තා පෝලිමේ එයි..!

:       1       4

ජයනාත් Thursday, 15 December 2022 07:20 PM

කලාප කාර්යාල වැඩි කළාට පහසු වෙන්නේ නැහැ. ඒවාට කාර්යක්ෂම නිලධාරීන් නැහැ. දැනට ඉන්න අධ්‍යක්ෂවරුන් ඉතා අකාර්යක්ෂමයි. ගුරුවරුන්ගේ ගැටළුවලට විසඳුම් නැහැ. සමහර කාර්යාලවලට ගුරුවරුන්ට යන්නත් තහනම්... හිඟ වැටුප් ගෙවන්නේ හිතවතුන්ට විතරයි. ඒවාට පිළියම් යොදන්න...

:       0       4

Gamage Thursday, 15 December 2022 08:07 PM

එක පාසලකට ලක්ෂයක් වියදම් වෙනවා. මේක පහසු ගෙවීමේ ක්‍රමයට ටෙලිකොම් එකෙන් දෙන්න පුළුවන්නේ. පාසල් සංවර්ධන සමිති හරහා ගන්න කියන්න.

:       1       3

sriyal Thursday, 15 December 2022 08:46 PM

ඕක කලිනුත් දීලා තියෙනවා එකම තැටිය...

:       0       4

siri Thursday, 15 December 2022 11:36 PM

ඈත ගම් පලාත්වල පාසල් වලට ඕවා දෙන්න බලාපොරොත්තු වෙනවානම් සිග්නල් හොයාගන්න පුළුවන් වෙන අකාරයේ උස ගස්, උස ගල් පර්වත වගේදේවල් ළඟ පාත තියෙන පාසල් හොයාගන්න. අපි දැක්කනේ පහුගිය කාලේ ගම් පලාත්වල දරුවෝ "ඔන් ලයින්" ඉගෙන ගත්තු අපූරුව.

:       0       5

sharm warnFriday, 16 December 2022 11:20 AM

නෑ නෑ සිරි... ඉස්කෝල 100 ක් කියන්නේ නගරබද පාසල්වලින්ම 1000 හැදෙනවා. ගම්වලට යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ගමේ ළමයින්ට ත්‍රිෙරා්ද රථ පැද පැද ඉන්න පුළුවන්...

:       0       0

ganegoda Friday, 16 December 2022 11:43 AM

පාසල්වල බොන්න වතුර නැහැ. වැසිකිළි පහසුකම් නැහැ... ළමයින් පන්තිවල හාමතින් පාසල් ඇවිත් ඔහේ බලාගෙන ඉන්නවා. කාටද? මොනවටද? මොකටද? ඔය බොරු ප්‍රචාර පතුරවන්නේ... රනිල් රාජපක්ෂලාගේ පච පැතිර වීමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site