
(අංජුල මහික වීරරත්න)
පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල් වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාසල් කාල සීමාවන් වලදී ඉගැන්වීමේ කටයුතු වලට බාධාවන් සිදු වන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හා අනිසි ක්‍රියා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර ඇතැයි රජය පවසයි.
එවැනි අනීතික ක්‍රියා මඟින් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු කරනු ලබන අසාධාරණයන් වැලැක්වීම පිණිස නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
COMMENTS
සේවකයන් තෘප්තිමත් නම් මෙවැනි දරදඬු නීති රිතී අනවශ්‍යයි
අන්න කරනව නම් වැඩේ. නැතිව නම් මේ රට හදන්න බෑ
වැඩ බැරි ජනප්‍රසාදයක් නැති දූෂිත අකාර්යක්ෂම පාලකයන් ප්‍රශ්න විසදන හැටි ඔහොම තමයි. ඕවට උඩගෙඩි දෙන්නේ බත් කන ගවයන් පමණයි.
මෙවැනි ඍජු තීරණ නිසා අහිමි වන චන්දවලට වඩා බොහෝ වැඩි චන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බව ඒකාන්ත වශයෙන්ම කිව හැකිය.
සම්පූර්ණයෙන්ම වරද තියෙන්නේ බඳවා ගැනීමට අදාල පත්වීම් ලිපියේ කොන්දේසි ප්‍රමාණවත් නොවීම කියලා කියන්න පුළුවන් ඒ සමඟම බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේදීත් දැනට වඩා කොන්දේසි ඇතුළත් කරන්න ඕනෑ... දැනට තියෙන්නේ අවුරුදු තුනක පරිවාස කාලයක් තියෙනවා කියලා විතරයි... පත්වීම් අරගෙන වැඩ බාරගන්න පෙර ගිවිසුමක් අත්සන් කරන්න නියම කරන්න... එතකොට ඔය ප්‍රශ්න එන්නේ නැහැ... ගිවිසුම කැඩුවොත් සේවා කාලය කොතෙක් තිබුණත් පත්වීම අවලංගු බව ගිවිසුමේ සඳහන් කරන්න ඕනෑ අතීතයට බලපාන නීති හදන්න බැරි වුණත් අනාගතයේ බඳවා ගැනීමේදී එහෙම කළානම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. එතකොට කැමැති කෙනෙක් ඒවි... අකැමැති කෙනෙක් නොඒවි. ඔය අතරේ හැම එකක්ම කියන්න බැරි වුණත් සමහර සේවාවන් පුහුණුවක් දීලා බඳවා ගන්නා නිසා (විද්‍යා පීඨ සෞඛ්‍ය සේවයේ යම් යම් සේවා) පුහුණුවට ගැනීමට පෙර ගිවිසුම් අත්සන් කරන්න නියම කළයුතුයි.. මෙහෙම හුරතල් කරලා තවත් අවුරුදු සියයක් ගියත් රට හදන්න බැහැ...
සත්‍යා හරි... දැන් දෙමාපියන් ඉන්නේ වර්ජකයෝ ගැන පුදුම කේන්තියකින් කියලා පැහැදිලියි... ඒවා කරන්නේ ජෙප්පො නැත්නම් මාලිමා කල්ලිය හා පෙරෙට්ටෝ කියලත් දන්නවා... රෝහල් සේවා අඩාල වුණාම රෝගීන් බනින්නේ රජයට... ඒත් රජය මේවා කරන්නේ කවුද කියලා කියන්නේ නැහැ. ඒක වර්ජනය දුරදිග යන්න හේතුවක් වෙනවා...