(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
නුවරඑළියේදී ලංගම බස් රියකට ගොඩ වූ පාසල් දරුවන්ට බසයෙන් බසින්නැයි කී කොන්දොස්තර වරයකු සියලු රාජකාරී වලින් ඉවත් කළ බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
පාසල් දරුවන් ලංගම බස්රියකට නැගුණු අවස්ථාවේ අදාළ කොන්දොස්තරවරයා ඔවුනට බැස යන ලෙස පවසා ඇතැයිද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද සංවාදයක් ගොඩනැගී තිබෙන්නේ යැයි ද කීය.
සීසන් ටිකට් පත් සහිත දරුවන් මෙන්ම සෙසු අය ලංගම බස් රථ වලින් අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කළ යුතු බවට අමාත්‍යාංශය තීන්දුවක්ද ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංගම ඉහල කළමනාකාරීත්වය විසින් අදාල කොන්දොස්තරවරයාට එරෙහිව සියලු විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු නැවත රාජකාරී සඳහා නොයෙදවීමට ලංගම ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාසල් දරුවන්ට කෙනෙහෙලි කළ කොන්දොස්තරට වැඩ වරදී
Bunny Preena Friday, 07 March 2025 02:42 PM
පාසල් දරුවන්ට එවැනි කෙණෙහිලි කම් ලංකාවේ බොහෝ පළාත්වල සිදුවෙනවා. මෙවැනි දේවල් කොහොමත් කොහේවත් සිදුනොවිය යුතුයි. වරප්‍රසාද පත්‍ර ලාභී පාසල් සිසු/ සිසුවියන් ඇතුළු සියලුම මගීන් ගෙනයාම අනිවාර්ය කළ යුතුයි.
Pankumburage Friday, 07 March 2025 02:50 PM
බොහොම හොඳයි. උපරිම දඬුවම් දිය යුතුයි.
de silva Friday, 07 March 2025 03:35 PM
මින් ඉදිරියට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු පියවන්න ජනතා බදු මුදල් යොදවන්න එපා , එම මුදල් ලංගමට දුම්රිය දෙපාර්තමේන්තුවට යොදවන්න , පොදු ප්‍රවහනේ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා නම් ලොකු දෙයක් ,