IMG-LOGO

පාස්කු වන්දි නඩුවෙන් ජනපති පැත්තකින් තියයි

(මනෝප්‍රිය ගුණසේකර)

බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් පාස්කු ඉරුදින  මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්  මියගිය හා තුවාල ලැබුවන්ගේ වින්දිතයන් පවරා ඇති නඩුවල විත්තිකරුවකු ලෙස නම්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ඔහු ජනාධිපති ධූරය දරන තාක්කල් බහා තැබීමට නියම කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු  නුවන් තාරග හීනැටිගල මහතා හිටපු ජනාධිපති  මෛත්‍රිපාල සිරිසෙන  මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන 27 වැනි දින සිට විභාග කිරීමට තීරණය කළේය. 

රුපියල් ලක්ෂ 50 සිට රුපියල් කෝටි 6 දක්වා වන්දි අයකර දෙන්නැයි ඉල්ලා පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවෙන් ඔහුට ලබාදී ඇති විනිර් මුක්තිය ලබා දෙන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සෙසු විත්තිකරුවන්ට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහි නඩු තබා තබන්නේ නම් තමන්ට එරෙහි නඩුද බහා තැබීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.



අදහස් (2)

පාස්කු වන්දි නඩුවෙන් ජනපති පැත්තකින් තියයි

sharm warn Thursday, 15 December 2022 03:59 PM

අනේ එහෙනම් ඉක්මනටම ජනාධිපතිවරණයක් තියලා මේ ගෝතයාට සාධාරණ පාඩමක් උගන්වලා සදහටම ගෙදර යවන්න ප්ලීස්.එතකොට ඒ මරා දැමූ අහිංසකයන්ගේ ලේ වලට සාධාරණයක් වෙයි

:       5       8

මසිරිපාලFriday, 16 December 2022 05:36 AM

පාස්කු ප්‍රහාරය සිදුවූ දවසේ එවකට ජනාධිපති ලංකාවෙ හිටියෙ නැහැ. ඉතින් ඒ දවසේ අගමැති වරයාට ආරක්ෂක මණ්ඩලය කැදවීමටත් ජනාධිපති සිරිසේන අවසර නොදුන්නානම් එවකට අගමැතිට ආරක්ෂක ලේකම් කාර්‍යාලයට යාමට වුනානම් එයට පෙරත් අගමැතිට ආරක්ෂක මණ්ඩලයට කැදෙව්වේ නැත්නම් වත්මන් ජනාධිපති කෙසේවත් වරදක් කලා කියන්නෙ කොහොමද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site