IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුව හමුවට නාලක ද සිල්වා කැඳවයි

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිතය.
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවන්නේ මේ වනවිට එහි හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමටය.
 
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය.
 
කතානායක කරූ ජයසූරිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගනු ලැබූ තීරණයකට අනුව ඉහත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කරන ලදී.
 
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජූනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.



අදහස් (5)

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුව හමුවට නාලක ද සිල්වා කැඳවයි

Missaka Thursday, 30 May 2019 06:48 AM

මේක දැන් අර නීතිය නැමුව වගේ නියමෙට නමලා කාගේ හරි ඔඩ්ඩෝකුවකට දාන්ඩ වගේ යන්නේ...

:       1530       1731

SUMITH Thursday, 30 May 2019 07:03 AM

මෙයා කොහොමද ඔච්චර ඉක්මනට ඔහොම තැනකට එන්නේ? පහුගිය ටිකේ ගියේ රෝද පුටුවෙන්නේ, බෙල්ලේ කොලර් එකකුත් දාලනේ තිබුනේ... ඇප ලැබුණු හැටියම හොඳ වුණාද?

:       0       0

Amila Thursday, 30 May 2019 07:44 AM

අර කුමාරයෙක් වගේ නමක් තියෙන මාස ගානකින් කාපු නැති පෙනුමක් තියෙන එකෙක් ගෙනත් එක්කෙනෙක් මාව මරන්න හදනෝ ගාලා අන්තිමට සෑහෙන්න් ජීවිත රටට අහිමි කරා සැබෑ මෙහෙයුම් අච්චාරුවක් කරලා. ඒ මදිවට කුරුණෑගලිනුත් කුමාරයා මතුවෙනවා. අන්තිමට විනාශ වුනේ රට. නූගත් මිනිස්සු ඉහලම පුටුවල වාඩි කරහම වෙන විනාශය තමයි ඉතින්.

:       0       0

saliya Thursday, 30 May 2019 08:22 AM

විඳින්නට වූ දුෂ්කර අත්දැකීම් අමතක කර, පැත්තක් නොගෙන, දන්නා සියලු දෙය අප හට හෙළි කරන්න. වැරදි කල අය, ලොකු, පොඩි භේදයකින් තොරව හෙළි විය යුතුය.

:       0       0

Raveendra Thursday, 30 May 2019 11:44 AM

කැ‍ඳෙව්වට කමක් නැහැ. මොකද ඔය කියන කාර්යාලය ඇතුළට රෝදපුටුවකින් එන්න හොඳට පිළිවෙල කරලා තියන්න. මොකද ඇප ලැබෙන කම් හිටියේ ඔන්න පණනල යයි, මෙන්න පණනල යයි කියලා දාගන්න පුළුවන් ඔක්කොම වෙළුම් පටි දාගෙනනේ රෝදපුටුවේ... නමුත් ඇප ලැබිලා එළියට ආවා විතරයි ඔක්කොම වෙළුම් පටි ගලෝගෙන යස අගේට කාර් එකට නැග්ගේ... ඉතින් ඔතැනට එන්නෙත් එහෙම තමයි. ඇහුවොත් තනතුර උසස් ආරක්ෂක නිලධාරියෙක්.. නමුත් ශරීර යෝග්‍යතාවය බින්දුවයි.. ශරීර යෝග්‍යතාවය නැති මෙවන් කැඳයින්ව පත්කරගත් හරකුන්ව එලවන්න ඕනේ මුලින්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත




වැලිමඩත් පක්ෂ විපක්ෂ සමානවෙයි
2025 මැයි මස 07 144 0

බදුල්ල වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය. ජාතික ජනබලවේගය ලබාගත් ආසන ගණන 22කි.




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 848 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 210 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site