IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප‍්‍රතිලාභ

(විනීතා එම් ගමගේ)

සමෘද්ධි ප‍්‍රතිලාභ තවත් පවුල් හය ලක්ෂයකට ලබා දීම (30) වැනිදා  සිට ආරම්භ වන බව ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මේ  පිළිබඳව සමෘද්ධි ලාභින් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක්  30 වැනිදා සිට ලබල මස 15 වැනිදා දක්වා දිවයින පුරා ක‍්‍රියාත්මක වන බව ද හෙතෙම කියා සිටියේය.

මේ  සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කර ඇතැයි කී අමාත්‍යවරයා ඉකුත් වසරේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කළ සමීක්ෂණයක් අනුව සමෘද්ධි ලැබිය යුතු තවත් 850,000 ක් සිටින බව හෙළි වී ඇති බවත් ඒ අනුව තෝරාගත් ලක්ෂ හයක් දෙනාට මෙම ප‍්‍රතිලාභ හිමි  වන බවත් සඳහන් කළේය.

මෙම වැඩ පිළිවෙල අලුතින් සිතමු දිරියෙන් නැගිටිමු යනුවෙන් නම් කර ඇති බවත් සමෘද්ධී ලබා දීමට පෙර ඔවුන් දැනුවත් කිරීමට තීරණය කළ බවත් කියා සිටි අමාත්‍යවරයා අම්පාර සිට දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීම සිදුකරන බව ද සඳහන් කළේය.

මේ සමඟම ප‍්‍රාදේශීය සභාවල දී ද දැනුවත්  කිරීම් සිදුකරන බවත් දුගී දුප්පත් කියන සියලු දෙනාට තනිව නැගිටිය හැකි ලෙස ව්‍යාපෘති 59 ක් සකස් කරන බවත් ඒ සඳහා රජයේ මුදල් ලබා නොගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

27,000ක් වන සමෘද්ධි නිලධාරීන්ගෙන් අති බහුතරයෙන් මේ සඳහා සහය නොලැබෙන අතර කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත් පැවසූ දයා ගමගේ මහතා ඉදිරියේ දී සමෘද්ධි බැංකු වලට ගිණුම් ලක්ෂ හයක් ලබා දෙන බැවින් බැංකු විසින් එක් අයෙකුට රුපයල්  පන්සියයක් වැය කරන බව ද කීය.

මේ  පවුල් ලක්ෂ හය පමණක් නොව ගිය රජයෙන් වහලුන් මෙන් වැඩ කරගත් ලක්ෂ 20ක් දෙනා සවිබල ගන්වන අතර සැමදා සමෘද්ධියෙන් ජීවත් වීමේ මානසිකත්වය ඉවත් කරන්නට කටයුතු කරන බව ද කියා සිටියේය.

දයා ගමගේ මහතා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.



අදහස් (0)

පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප‍්‍රතිලාභ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site