IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පොලිසියට චණ්ඩිපාට් දමා වැලි ගොඩදැමු අයෙක් අත්අඩංගුව‍ට

(ජේ.කේ.එල්. චාමින්ද)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපත්‍රයක් නොමැතිව වැලිපටවමින් සිටි  වැලි ජාවාරම්කරුවකු වැලිපැටවු ට්‍රිපර් රථය සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලීසිය පවසයි.

සැකකරු විසින් උඩුගම කැටගොඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවස පිටුපස සිට වැලිපටවමින් සිටි ඇති  බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරින්ට සාපරාධිබලහත්කාරකම් පෑම, බලපත්‍රයක් නොමැතිව වැලිපැටවිම යන  චෝදනවා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සන්තකයේ තිබි ව්‍යාජ රියදුරු බලපත්‍රයක්ද සොයාගත් බැව් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු  උඩුගම  කැටගොඩ පදිංචි 43 හැවිරිදිවියේ පසුවන තිදරුපියෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (0)

පොලිසියට චණ්ඩිපාට් දමා වැලි ගොඩදැමු අයෙක් අත්අඩංගුව‍ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site