IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘‘පොලිස්පතිට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ඒ නිසා ඉන්න පොලිස් පොලිස්පති පුටුව මාස තුනෙන් තුනට දිගු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබෙන බවද බව ද එජාප මහලේකම් වරයා කීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෝලිමක් සිටින අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව එකේ සිට හතරට වන තුරුම විවිධ චෝදනා පරීක්ෂණ උසාවිවල නඩු තිබෙන බවද පොඩ්ඩක් බේරිලා ඉන්නේ පහේ ඉඳන් අටවෙනියා වන තුරු පමණක් බවද කී රංගෙ බණ්ඩාර මහතා අටවෙනියාගේ සිට ආපහු ඒ තත්ත්වයම තිබෙන බව කීය.

රටේ විනය සහ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායමේ තත්ත්වය මෙය නම් රටේ අනෙක් තැන්වල නීතිය සහ විනය ගැන කතා කරලා වැඩක් තිබෙනවාදැයි එජාප මහ ලේකම්වරයා ප්‍රශ්න කළේය.

 



අදහස් (12)

‘‘පොලිස්පතිට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘

sena Sunday, 09 July 2023 01:35 PM

පොලීසිය මේ තත්වයට පත්කළේ ඔයාලා...

:       3       21

විපරමා Sunday, 09 July 2023 02:10 PM

රටේ පළමු පුරවැසියන් පවා හොර දූෂිතයින්... අනික් අය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       5       31

Kazi Shajahan Sunday, 09 July 2023 02:24 PM

රනිල් හිරවෙලා ඉන්නේ...!

:       2       18

උපාලි Sunday, 09 July 2023 02:26 PM

රටේ විනය පිරිහිලා කියන එක නම් සහතික ඇත්ත බණ්ඩෝ. නැතිනම් වොඩ්කා වතුර වෙනවැයි. අනික් අතට හත්පොලේ ඡන්ද පැරදිච්චි අය මෙහෙම පණ්ඩිත කතා කියයිද ආයුබෝවන්..?

:       5       35

Roshan Sunday, 09 July 2023 02:33 PM

පොලිසියේ ඉඳලා දොට්ට දාපු කෙනෙක්... වොඩ්කා වතුර කරපු අයනේ... එනවා මෙතන අනිත් අයගේ විනය ගැන කියන්න...

:       7       28

Perera Sunday, 09 July 2023 02:43 PM

චීනෙන්වත් හොයලා බැලුවා නම්...!

:       1       23

Dharmatileke Sunday, 09 July 2023 02:54 PM

පොලිස්පති වෙච්චි ගමන් කරන්නේ පුද්ගලික උදව්... එතකොට වෙන්නේ කවුරුත් නොදෙන්නේ එය බොරු චෝදනා කරමින් තලා පෙළනවා. මේක මගේ පුද්ගලික අත්දැකීම් මත කියන දෙයක්...

:       1       11

චාන්දනී Sunday, 09 July 2023 03:00 PM

අනෙක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලත් තත්වය ඕක තමයි... රටේ සම්පූර්ණයෙන්ම විනය විනාශවෙලා තියෙන්නේ ඒකට තවත් හේතුවක් තමයි දේශපාලන හිතවතුන්ට තනතුරු ලැබෙන ක්‍රමයට පත්වීම් ලබාදීම ඇත්තටම පරිපාලන සේවයේ තනතුර සඳහා බඳවා ගැනීමේ විභාගය... අන්ත දූෂිතයි දේශපාලුවෝ තමන්ගේ නම් ලැයිස්තු අනුව බොහෝවිට තෝරා ගන්නවා. නිලධාරින් ඔවුන්ගේ හිතවතුන්ට උදව් කරනවා... සුදුස්සන් කුණුකූඩෙට වැටෙනවා. ඇත්තටම මෙතෙක් කලක් පන්දමුන්ට තනතුරු දුන්නු නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරින් දේශපාලුවන්ට ගොට්ට ඇල්ලුවා මිස විනය තකා වැඩක් කළේම නැහැ. දැන් කරන්න හදන්නේ යම් විදියකින් රටේ රාජ්‍ය සේවයේ විනයක් ඇතිකිරීම නම් අපි එයට සුබපතමු...

:       0       10

ravin Sunday, 09 July 2023 03:05 PM

පොලිසියේ විනය පිරිහෙන්න හේතු සාධක, කරුණු කාරණා ටිකත් ඔය එක්කම එකින් එක පැහැදිලි කළා නම්...!

:       0       13

rohana Sunday, 09 July 2023 04:22 PM

එහෙම නම් අපි 5 ,6 හා 7 වෙනියා අතුරින් කෙනෙකු පත්කරමුකෝ... ඉවරයිනේ වැඩේ...!

:       1       15

චන්දිම ෆොන්සේකා Sunday, 09 July 2023 05:40 PM

අඩේ බණ්ඩයියේ ඔයා පොලිසියේ හිටපු රාළහාමි කෙනෙක් නේ? ඉතින් ඔයා බලන්නකෝ... ලොක්කාට කියලා ඔයාව ඒ වැඩේට පත්කර ගන්න පුළුවන්ද කියලා. ලොක්කා ඔය වගේ මහා අංජ බජල් වැඩ සාමාන්‍යයෙන් කරනවානේ? යන්න ගිහින් පොඩි ට්‍රයි එකක් දෙන්න...

:       2       16

Rata Perata Monday, 10 July 2023 11:57 AM

බැංකු හොරෙක් ජනාධිපතිකම් කරන රටක පොලිස්පතිකම ගැන කවර කථාද? ඔක්කොටම වැඩිය හොඳයි පොලිස් සුනඛයෙක් දැම්මා නම්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 82 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 605 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 176 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 423 3

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 203 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 1059 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 9 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site