
(සුජිත් හේවාජුලිගේ )
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
නැගෙනහිර පළාතේදී 2006 වර්ෂයේ දී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව පිල්ලෙයාන් පසුගිය 8 වැනිදා රාත්‍රී මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී ඔහුගෙන් ප්‍රශ්න කරන ලදි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ද පිල්ලයාන් අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස් පෝරාව අලුත් ආණඩුව සමග අත්වැල් බැඳගෙන ගජරාමෙට වැඩ.
පළාත් පාලන මැතිවරණය මෙම කාලය තුළ පැවැත්වෙන බැවින්, ජාතික ජන බලවේගයේ රජය යම් යම් කරුණු ඉදිරිපත් කිරීම හොඳ ය.