IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පොල්තෙල් හා බිත්තර පෙන්නා කුඩු ඇදලා

(හේමලතා ඞී හේවගේ)

බිත්තර සහ පොල්තෙල් කොළඹට රැගෙන යන මුවාවෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරතවූ පුද්ගලයකු සහ ඔහුගෙන් කුඩු ලබාගෙන අලෙවි කරන තවත් දෙදෙනකු  මත්කුඩු  සමග කුලියාපිටිය විලපොල ප‍්‍රදේශයේදී  අත් අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.

අත්‍යාවශ්‍ය ලේබල් අලවාගෙන මත්කුඩු ග‍්‍රෑම් 39 යි මිලි ග‍්‍රෑම් 330 ක් රැගෙන ගිය ගත් 51 හැවිරිදි සැකකරු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු අත්‍යඅවශ්‍ය සේවා යන දැන්වීම් අලවන ලද ලොරි රථයේ හිස් කෑන් සහ පිදුරු දැමූ බිත්තර නොමැති පෙට්ටි කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කුලියාපිටිය පන්නල ගිරිඋල්ල දඹදෙනිය ඇතුඵ ප‍්‍රදේශවලට මත්කුඩු බෙදාහැර ඇතිබවට කරන ලද මූලික පරික්ෂණවලදී තොරතුරු අනාවර්ණයවූ බව පොලීසිය කියයි

ඔහුගෙන් මත්කුඩු මිලදී ගන්නා බව කියන පුද්ගලයන් දෙදෙනකු ග‍්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 850 ක් හා ග්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්  26 සහ 40 වැනි වියෙහි පසුවෙති.



අදහස් (0)

පොල්තෙල් හා බිත්තර පෙන්නා කුඩු ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site