IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


පොල්ගස්ඕවිටදී වෙඩි කෑ වෙඩික්කරු කුඩුවර්ග අටක් බීලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පොල්ගස්ඕවිට පාලාගම ප්‍රදේශයේ දි විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ වෙඩි ප්‍රහාරය හමුවේ මිය ගිය පුද්ගලයා මියයන විට මත්ද්‍රව්‍ය වර්ග අටක් පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව කහතුඩුව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී අද (25) දා සිදු කළ අතර එහිදී මරණකරුගේ රුධිර සාම්පල පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබේ.

මෙරට මත්ද්‍රව්‍ය වර්ග දොළහක් පරීක්ෂාවට ලක් කිරීමේ පහසුකම් පවතින අතර ඉන් මත්ද්‍රව්‍ය වර්ග අටක් පානය කර තිබීම විශේෂත්වයක් බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඉකුත් 18 දා දෙහිවල දුම්රිය ස්ථානය අසල මෝටර් රථයක රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පළාගොස් පොල්ගස්ඕවිට පාලාගම කැබැල්ලෝවිට ප්‍රදේශයේ කුරුදු වගා කළ ඉඩමක වසා දමා තිබූ වාඩියක සැගව සිටින බවට විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව 25 දා අලුයම විශේෂ කාර් ය බළකා නිළධාරීන් පොලීසිය හා එක්ව සිදු කළ වැටලීමේදී මරණ කරු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සිදුකළ ප්‍රති ප්‍රහාරය හමුවේ ඔහු මෙසේ මියගොස් තිබුණි.

 



අදහස් (2)

පොල්ගස්ඕවිටදී වෙඩි කෑ වෙඩික්කරු කුඩුවර්ග අටක් බීලා

ගුණරත්න Saturday, 26 July 2025 07:35 AM

ඒ තරම් මත්ද්‍රව්‍ය අරගෙන කෙලින් ඉන්නත් පුළුවන් වුණාද? හරි පුදුමයි...

:       0       1

chamara Saturday, 26 July 2025 08:47 AM

දැන් තේරුම් ගන්න පුළුවන්, කොහොමද මේවා කරන්නේ කියලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න සල්ලි ඕනේ. හොඳ නරක තේරෙන එක ජීවිතයෙන් අයින් වෙලා තියෙන්නේ... අර මොකක්ද එකෙක් බැඳගත්තා වගේ ඒ කියන කියන එක කරනවා. අන්තිමට අඩු වයසින් මැරිලා යනවා. දියර ඒවටත් ඔය ටිකම තමා වෙනවා ඇත්තේ, හැබැයි වැඩිපුර කාලයක් ජීවත් වෙනවා. මත්වෙන දේවල් පාවිච්චි කරලා, කොහොම ගියත් ඊළඟ ජීවිතේ මන්ද මානසිකයි....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site