IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පුරා විද්‍යා නාම පුවරු ගැලෙව්වාට අයෙක් සැකපිට

(නිමල් ජයරත්න)

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපූවරු ගලවාගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව පුද්ගලයකු සැකපිට අද සවස අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි.

ඔහු කිරාන් ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද පොලිසිය පවසයි.

මීට අමතරව වාලච්චේන ප්‍රාදේශිය සභාව මගින් ගලවා ගෙන ගොස් සභා භූමියේ තිබූ නාමපුවරු හතක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාලච්චේන ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්. ජරූල් මහතා අප කළ විමසීමකදී පැවසීය.

පුරාවිද්‍යා නාමපූවරු ගලවා ගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන සභාවේ සභාපති උප සභාපති,උප ලේකම් සහ තවත් සේවයකින් දෙදෙනකු ප්‍රදේශයෙන් පලගොස් සැඟව සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බවද ජරූල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් 22 වෙනිදා වාලච්චේන ප්‍රාදේශය සභාවේ සභාපති,උප සභාපති හා සේවකයන් පිරිසක් ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ වාලච්චේන සහ කොක්කඩිචෝලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

 



අදහස් (6)

පුරා විද්‍යා නාම පුවරු ගැලෙව්වාට අයෙක් සැකපිට

සියාතු Monday, 24 November 2025 10:28 PM

හුදකලා සිද්ධි වගේ පෙනුනට ජාතිවාදී කලබලයක් ඇති කිරීමේ උත්සාහයන් වගේ පේන්නෙ මේවා. එකක් ත්‍රිකුණාමලේ සිද්ධිය, දැන් මේක. මහජනතාව විදිහට නුවණට හුරුම දේ අදාළ අංශ හැකි ඉක්මනින් දැනුවත් කරලා, සැක කරුවෝ අල්ලගන්න පොලිසියට සහය දෙන එක. නැතුව නීතිය අතට ගන්න එක නෙමේ. තව ඉස්සරහට යද්දී වඳ කොත්තු, ගබ්සා නාටක, බුදු පිළිම වලට කළු තෙල් ගෑම් එහෙමත් එන්ඩ පුළුවන්. දැනටම නැට්ට දෙබලේට හිර කරගත්ත හනුමලා රට ගිණි තියන්ඩ නටන නාඩගම් වෙන්ඩ බැරි නෑ.

:       6       6

පන්සිළු Monday, 24 November 2025 11:55 PM

කොහොමද පොලිස් බලතලත් දුන්නම් ? අපි තමයි බොරුවට දඟළන්නෙ ඔක්කොම එකයි කිය කියා. ඔවුන්ට අවස්ථාව ලැබුණු ගමන් සියල්ල වනාසා දමනවා. ඒ නිසා නිකම් බොරු සමානතා දාන්න ගිහින් සිංහලබෞද්ධ රට විනාශ කරගන්න එක කවුරු කවුරුත් නතර කරන්න ඕ

:       5       6

MD Tuesday, 25 November 2025 08:20 AM

පොලිස්පතිතුමාට කාලය දෙන්න පව් ඵයා හරි busy.ගොබ්බ සෙට් එකේ කුණු ගොඩගැහෙන ප්‍රමාණයට සුද්ධ කරන්න වේලාවක් නැහැලු පව්.

:       4       6

Prabash Tuesday, 25 November 2025 09:41 AM

නිය පොත්තෙන් කඩන්න පුලුවන් කාලෙ දැම්මම කඩල දාන්න. බැකෝ එකක් ගෙනල්ලවත් ගලව ගන්න බැරි වෙනකං වැවෙන්න ඉඩ නොදීමට වග බලා ගැනීම රජයේ වගකීමකි.

:       0       8

Jayasekara Tuesday, 25 November 2025 10:30 AM

දකුණේ ඇති ..උතුරේ නැති ..සංහිඳියාව

:       0       10

Gagana Tuesday, 25 November 2025 02:07 PM

සියාතුවෝ මොලේ පරික්ෂා කර ගන්ඩ. තවත් මාලිමාවේ බේගල් ඔලුව උඩ තියාගෙන ඉන්නේ. ඔය ඉන්න අවුරුදු 5 ක් විතර පිටිපස්සේ.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site