
(අංජුල මහික වීරරත්න)
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ වීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද සේමසිංහ මහතා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(30) පැවති මාධ්‍ය හමුවේදීය.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින් බලාපොරොත්තු වන්නේ ඵලදායීතාව ඉහල නංවා ගැනීම සහ සෑම පුරවැසියකුටම සමාන අවස්ථාවන් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලො හොරාකාල රට බංකොලොත් කළේ රටට හිතවත්කම වැඩි වෙලා වෙන්න ඇති ???
මේක ඔයාලාගේ පප්පා මහින්දගේ අදහසද ?
මොන පනතද මහත්තයෝ ?ඒවා එන කට්ටිය කරගනීවි ?දැන් අකුලාගෙන යන්න සූදානම් වෙන්න ?යන්න කලින් දීර්ඝ කාලීන ගිවිසුම් ටිකක් ගහලා අර සංචාරක වීසා වලින් වගේ දිගටම ගානක් එන විදියට වැඩපිළිවෙලක් හදාගෙන යන්නද හදන්නේ ?
පිං මහත්තයා එක්ක එකතු වෙලා රට උකස් කරන තවත් පිං ගොනෙක්.
සෑම සිංහලට යන එන මංනැතුව ඉන්නේ... දැන් පොහොට්ටුවත් ගණන් ගන්නේ නැහැ. පළමු රැස්වීමට මෙයාට අවස්ථාවක් නෑ.
මෙයා නේද රක්ෂිතයේ නීති විරෝධීව බිල්ඩින් ගහන්නේ...? මේ ගොල්ලෝ ආර්ථිකේ විනාශ කරලා දැන් බබාලා වගේ කෑගහනවා.