(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉරානයට සහාය පළකිරීමත් සමග ප්‍රංශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කර ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
ඉරාන යුද්ධය ආරම්භවීමත් සමග හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ පළමු යුරෝපා නෞකාව මෙය බවද මාධ්‍ය වාර්තාවල දැක්විණි. එම නෞකාව සමග ඕමානයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකා තුනක්ද හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කර ඇතැයි පැවැසෙයි. ප්‍රංශය සමාගමක් යටතේ මෙහෙයුම් සිදු කරන මෙම නෞකාව මෝල්ටා ධජය යටතේ යාත්‍රා කර ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම සඳහා ඉරානයට එරෙහිව හමුදා බලය භාවිත කිරීමට අවසර ලබාගැනීමේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවට ප්‍රංශය, රුසියාව සහ චීනය විරෝධය ප්‍රකාශ කර ඇති බව පසුගියදා වාර්තා විය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශේධ බලය හිමි ප්‍රංශය, රුසියාව සහ චීනය යෝජනාවට විරුද්ධවීමත් සමග පසුගිය 3 වැනිදා එම යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම පෙරේදා (04) වැනිදා දක්වා කල් ගොස් තිබිණි. අනතුරු එය දින නියමයක් නොමැතිව මෙම සතිය දක්වා කල්ගිය බව වාර්තා වූවේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම සඳහා එම මාර්ගය භාවිත කරන රටවලට එක්ව හෝ වෙන්වෙන්ව හමුදා ක්‍රියාමාර්ග ගැනීම ඇතුළුව අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අවසර ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට බහරේනයේ ප්‍රධානත්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී තිබූ අතර එය ගල්ෆ් රටවල මෙන්ම ඇමෙරිකාවේද සහාය හිමිවී තිබිණි.
වර්තමානය වනවිට ප්‍රංශය, ජපානය, ඕමානය, ඉරාකය අයත් නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා යාත්‍රා කරවීමට හැකියාව ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd