IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පාර්ලිමේන්තුවේ ගනුදෙනු හොයන්න ලොකු විගණනයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ඉල්ලීමක් අනුවය.

පාර්ලිමේන්තුවේදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි පැවසෙන වාහන  සහ  මුදල් අවභාවිතා ඇතුළු සියලුම දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව  මෙම විමර්ශනයේදී සොයා බැලෙනු ඇත.

පාර්ලිමේන්තු විධායක නිලධාරීන් දීමනා ගැනීමේදීද කෝටි ගණනක මූල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳවද  විගණන අංශවල  විශේෂ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම විගණන විමර්ශනය මේ දිනවල කරගෙන යන බවයි.

එම විගණන වාර්තාව මේ මස අග කතානායකවරයාට භාර දීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු කතානායක කාර්යාලයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාර්තාව ලැබුණු පසු ඒ කරුණු පදනම් කරගෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විගණන වාර්තාවෙන් හෙළි කෙරෙන කරුණු  සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ද බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (1)

පාර්ලිමේන්තුවේ ගනුදෙනු හොයන්න ලොකු විගණනයක්

හෙට්ටිපොල Saturday, 09 August 2025 08:47 PM

පාර්ලිමේන්තුවේ විධායක නිලධාරි මණ්ඩලය දීර්ඝ කාලයක් තිස්සේ තම බලතල අයුතු ලෙස පාවිච්චි කරමින් සෙසු පහළ සේවක මණ්ඩල නිර්දය ලෙස දැඩි පීඩාවට ලක් කරමින්, සිදුකළ මෙම දූෂණය හා අක්‍රමිකතා දේශපාලන බලපෑමකින් තොරව විමර්ශනය කිරීමත් ඊට නිසි දඬුවම් පැමිණවීමත් සෙසු මුළු මහත් රාජ්‍ය සේවයේ සුචරිතභාවයට ගෙන ඒම සඳහා දැඩි පිටුවහලක් වනු ඇත. නමුත් මෙහි නිතැතින්තැම පවතින ලබදියා ගැටළුවක් වන්නේ ජාතික විගණන කාර්යාලය හා එම නිලධාරීන් නිතර පාර්ලිමේන්වතුව හා එහි විධායක නිලධාරීන් සමඟ කළුපගුව කටයුතු කිරීමයි. කෙසේ නමුත් ඒ සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කරමින් මෙම විමර්ශන අපක්ක්‍ෂපාතීව හා ක්‍රමවත්ව පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් නියම කිරීම, යුගයේ දැඩි අවශ්‍යතාවයකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 666 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17760 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site