IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

කොරෝනා වයිරසය හේතුවෙන් අද (30) පස්වරු 4 න් අවසන් වූ පැය 24 කාලයේදී ස්පාඤ්ඤයේ 812 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණණ 7,340කි. අද වාර්තා වූ මරණ ගණන පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා දවස් හතරක් අඛණ්ඩව, ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණනට වඩා අඩුවීමකි. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. ඉරිදා පමණක් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 838කි.

කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා ඉතාලියෙන් මරණ 756ක් වාර්තා වූ අතර ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 10,779කි. ඉරිදා පමණක් ඉතාලියෙන් තවත් කොරෝනා ආසාදිතයන් 3,815ක් වාර්තා වූ අතර එය සියයට 5.6ක වර්ධනයකි. එය පසුගිය දින හා සැසඳීමේදී ඉතා අඩු වර්ධනයකි.

කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මරණ 34,041ක් වාර්තා වන අතර ඉන් අඩකට වැඩි ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි.

කොරෝනා වයිරසයෙන් ස්පාඤ්ඤයේ රජකුමරියක වන මාරියා තෙරේසා මියගිය බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. ඇය ස්පාඤ්ඤයේ හයවැනි පිලිපේ රජුගේ ඥාතී සොහොයුරියකි. ප්‍රංශයේ අධ්‍යාපනය ලබා ඇති කුමරිය උපත ලබා ඇත්තේ 1933 වසරේ ජූලි 28 වැනිදා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් උසස් ලබා ඇති ඇය එම විශ්වවිද්‍යාලයේ සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර විශ්වවිද්‍යාලයක සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කර ඇත.

ස්පාඤ්ඤය මේ වනවිට රට සම්පූර්ණයෙන් වසා දැමීම හෙවත් ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරයි. එරට සමස්ත ජනගහනය මිලියන 47කි. ඉදිරි සති දෙකක කාලයේදීද නිවෙස්වලට වී සිටින්නැයි ස්පාඤ්ඤ බලධාරීහු එරට ජනතාවට උපදෙස් දී ඇත.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site