IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


පාප්තුමන්ගේ තත්ත්වය තරමක් හොඳයි

සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්ගේ සෞඛ්‍ය ගැන ලොවට අනාවරණය කරන වතිකානය නිකුත් කළ අලුත්ම නිවේදනයේ දැක්වෙයි.

88 හැවිරිදි පාප්තුමන්, පාප් ධුරයට පත් වීමෙන් පසු, වැඩිම දින ගණනක් රෝහල්ගතව සිටින පළමු අවස්ථාව මෙයයි.

පාප්තුමන් පෙනහළු ආසාදනයක්, නිව්මෝනියා තත්ත්වයක් සහ වකුගඩු අක්‍රියවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝමයේ ගෙමෙලි රෝහලේය.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසඟවා, ලොවට හෙළි කරන්නැයි පාප්තුමන් වතිකානයට දැනුම් දී ඇති බැවින්, පැය 24 පුරා පාප්තුමන් සම්බන්ධයෙන් වතිකානය නිල නිවේදන නිකුත් කරන බව ද පැවැසෙයි.

(බීබීසී)



අදහස් (2)

පාප්තුමන්ගේ තත්ත්වය තරමක් හොඳයි

Nimal Thursday, 27 February 2025 09:23 AM

එතුමාට ඉක්මන් සුවය ලැබේවා

:       0       15

Bunny Preena Thursday, 27 February 2025 09:54 AM

සතුටුදායක පුවතක්. දෙවි පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site