IMG-LOGO

’’පාන් අඩු කලත් බනිස් අඩු කරලා නෑ’’

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

පාන් රුපියල් 10 කින් අඩු කලත් බනිස් මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 250ට අඩු කිරිමෙන් පසු ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කළ  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊට සමගාමීව බනිස් ,මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල ද මිල රුපියල් 10 කින් පමණ අඩු කරන ලෙස සමස්ත බේකරි හිමියන් ගෙන් ඉල්ලීමක් කෙරිණ.

නමුත් දැනටත් බනිස් , සහ මාළු පාන් රුපියල් 60 සිට 100  වැනි මිල ගණන් වලට අලෙවි කරන බවද පාරිභෝගිකයෝ පවසති.

බනිස් සහ මාළු පාන්  ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකිරීම පිළිබඳව විමසූ විට බේකරි හිමියන් කියා සිටියේ පිටි කිලෝවක්  රුපියල් 270 ,300, 350 වැනි වැඩි මිලට  මිලදී ගැනීමට සිදු වී ඇති නිසා  මාලු පාන් , බනිස්  මිල අඩු කළ නොහැකි බවයි .

බනිස් සහ මාළු පාන් මිල අඩු නොකිරීම පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ  තවමත් බේකරි හිමියන් ට වැඩි මිලට පිටි ගැනීමට සිදුවීම නිසා මෙසේ බනිස් සහ මාළු පාන් ඇතුළු නිෂ්පාදන වල මිල අඩු නොකිරීමට හේතු විය හැකි බවයි. 



අදහස් (3)

’’පාන් අඩු කලත් බනිස් අඩු කරලා නෑ’’

සනත් ගමගේ Wednesday, 02 November 2022 11:48 AM

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ පොරොන්දුවක් දුන්නා පාන් ගෙඩිය 3. 50 ට දෙනවා කියලා ඒ එතුමිය හැකි නිසා අද පාන්ගෙඩියේ මිල තීරනය කරන්නේ බේකරි සංගමයක සභාපති කියාගන්නා පුද්ගලයෙක් .මේ සංගමය රජයේ ලියාපදිංචි සංගමයද කියලාවත් හොයලා බලනවද මන්දා .ඇයි අද ජනාධිපතිට බැරි එදා චන්ද්‍රිකා දිපු පොරොන්දුව දෙන්න. පාන් මිල අඩු කිරීමේ විධායකයේ බලතල අඩු කරලද

:       0       1

KOLOMBA HADAYYA Wednesday, 02 November 2022 03:27 PM

පාන් හදන්න පුන්නක්කුත් දානවා ඇති. බනිස් පොඩි නිසා වහලා හදන්න බැරුව ඇති. අපි නොදන්න දකුණේ වැඩ්ඩලා....!

:       0       1

Bamunuarachchi Thursday, 03 November 2022 07:31 AM

හැබැයි සියලුම නිෂ්පාදනවල බර අඩු කරලා ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site