
( තිලකරත්න දිසානායක)
සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ පදික වේදිකාවේ සිටි මව් පිය යුවළකට ගම්පහ පුරපති එරංග සේනානායක මහතා විසින් රැකවරණය ලබා දීමට පියවර ගනු ලැබීය.
සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව තුළ ගම්පහ නගරයේ වෙසෙන යාචකයන්ට ආහාර පාන ලබාදීමට පුරපතිවරයා පියවර ගෙන ඇති අතර මෙලෙස ආහාර ලබාදීමට ගිය නගර සභා සේවකයන් පිරිසකට පදික වේදිකාවේ කුඩා දරුවකු සිටිනු දැක නගරාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව එම ස්ථානයට පැමිණි එරංග සේනානායක මහතා නගර සභාව සතු ගිලන්රථය ගෙන්වා සිව් දිනක් වයසැති බිළිදා සමග යාචක 49 හැවිරිදි මවත් 57 හැවිරිදි පියාත් නගර සභාව සතු නිල නිවසක තාවකාලිකව නතර කිරීමට පියවර ගත්තේය.
මෙම සිදුවීම පිළිබඳව පුරපතිවරයා සදහන් කර සිටියේ පදික වේදිකාවේ දරුවකු සිටින බව සැලවූ වහාම එම ස්ථානයට ගොස් බිළිඳාට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම මවටද අවශ්‍ය දෑ සැපයීමට පියවර ගනිමින් තාවකාලිකව නවාතැනක් ලබාදීම සිදු කළ බවයි.

COMMENTS
ලොකුම පුණ්‍ය කර්මයක් ඔබතුමාට කවදාවත් වරදින එකක් නැහැ.
සාධු! සාධු! සාධු! බොහෝම පින් ඇති ක්‍රියාවක්.
වන සිව්පාවුන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
ගම්පහ පුරපති දේශපාලුවෙක් වෙන්නනම් බෑ. හිත හොද මනුස්සයෙක්.
දේශපාලුවන් අතර මනුස්සකම දන්නා සැබෑ දේශපාලකයෙක්.
අවධානයට ලක් විය යුතු සංවේදී කරණක්. මුලික වූ සියලු දෙනාට පිං.
මම දේශපාලකයන්ට අකමැති වුවත් මෙය හොඳ දෙයකි
මනුස්සකම. කුසලයක්.
මොකද පුරපති ගියේ? එව්වට අදාළ නිලධාරින් ඒ නගර සභාවේ නැතිද?
හිත හොඳ දේශපාලකයෝත් ඉන්නවා... ඔබට පින්...
ඉතා යහපත් ක්‍රියාවක්.... මාගේ ගෞරවය හිමිවෙනවා.
මුන්දෑ කරලා තියෙන්නේ නම් පිං අතේ වැඩක්... අප එය හදවතින්ම අගය කරන්නෙමු. ඔබට මෙන්ම ඔබගේ පවුලේ සැමට එහි හොඳ ප්‍රතිඵල ලැබෙනු නියතයි....
යහපත් කුසල්...
ඔක්කොම හරි. ඒත් අවුලක් තියනවා මෙතන. මේ අයගේ වයස බලන්න. ඒ හැර බබා උපන්නේ පදික වේදිකාවේ වෙන්න පුළුවන්ද? රෝහල සොයා බලන්න.
ලලිත් එම් ,ඇයි රෝහලේ තියලා ලොකු මහත් කරන්නද කියන්නේ ?