(අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 භාවිතා කර +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා Whatsapp පණිවිඩ මඟින් කිසියම් පාර්ශවයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් (වැ.බ)එම්. එස්. පී සුරියප්පෙරුම මහතා පවසයි.
ඒ අනුව ඉහත අංක මඟින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමෙි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහජනතාව වෙත ඇමතුම් ලබා නොදෙන අතර එලෙස ලබා දෙන ඇමතුම් සඳහා තම පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ පණිවිඩේ අපේ මිනිස්සුන්ට හැමදාම යවන්න ඕනේ. මොනවා වුණත්, අපේ රටේ ගොන් සෙට් එකක් ඉන්නවා. අධ්‍යාපන සුදුසුකම් තිබ්බද නැතිද කියලා නැහැ මේ ස්කාමින් වලට අහුවෙන. මම පොඩි රිසර්ච් එකක් කරා online chat site වල, ලංකාවේ නම් වලින් පෙනී ඉන්න, සිංහල, දෙමළ දන්නේ නැති chatters ලා ගොඩාක් ඉන්නවා... හාර අවුස්සලා බලපුවාම පෙනෙන්නේ වෙන රටවලින් ආපු අය වගේ... ඔවුන් එන්නෙම scamming වලට...