IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්


පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් යැයි ද පැවැසෙයි.

යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙනි.

තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, ‘ග්ලීස් 12 බී’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙයි.

‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුව වී තිබේ.

මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.



අදහස් (13)

පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්

Siri Friday, 24 May 2024 04:38 PM

මොන ආකාරයකින්වත් තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්න කිසිම ඉඩක් දෙන්නේ නැති "ග්‍රහයෝ" නම් ඕනෑතරම් මේ රටෙන්ම හොයාගන්න පුළුවන්...

:       1       26

RAVIN Friday, 24 May 2024 06:55 PM

මළකෙළියයි!! දැන් ඉතින් කේන්දරේ ඔය ග්‍රහයා දාන්න තැනක්...? ඒ වැඩේ නම් දේශ පාලුවෝ අපූරුවට කරාවි...!

:       14       11

තිනෙත් Friday, 24 May 2024 08:06 PM

අපිටත් ඉදතැතිකි ද? එත් ඔස්සිජන් තියනවා ඇති නේද?

:       1       6

කේමා ලියනගේ Friday, 24 May 2024 09:30 PM

ඇයි ඔක්සිජන් කන්නද?

:       0       6

සුරගුරු Friday, 24 May 2024 08:12 PM

පෘථිවිය දින 365 කුත් පැය ගණනක් තරුවක් (සූර්‍යයා) වටා යාමට ගතකරනවා අලුත් ග්‍රහලොව දින 12 කට වරක් ග්‍රහ ලොව සුර්යා වටේ යනවලු ඉතින් ලෝක දෙක සමාන වෙන්නෙ කොහොමද

:       5       26

බක්මීගොල්ල Friday, 24 May 2024 11:49 PM

සමානයි කියන්නේ ග්‍රහලෝකය තුල ඇති දේවල්. උෂ්ණත්වය, වායුගෝලයේ ඔක්සිජන්, co2 වාගේ දේවල් වෙන්න ඇති. කරකැවෙන වේගය වෙනස් ඇති...!

:       0       2

නාමල් කුමාර Friday, 24 May 2024 11:53 PM

සමාන වෙන්නේ හැඩයෙන් මං හිතන්නේ. ඒකත් රවුම්, මේකත් රවුම්. අපේ එක්කෙනෙක් ඇරපු රොකට් එක එහේ තියෙනවාද දන්නේ නෑ...

:       0       3

Nandalal DE SILVA - France Friday, 24 May 2024 09:18 PM

ඔය ග්‍රහලෝකයට යන්න අපේ මැදමුලන රොකට් ග්‍රහයා බලවත් උත්සහයක් ගනිමින් සිටින බව වාර්තා වෙනවා..පවුලේ කට්ටිය ඕකට ආයෝජනය කරනවාලු

:       3       1

Athula Saturday, 25 May 2024 05:15 AM

අලුත් ග්‍රහයා තිබෙන්නේ අපේ ග්‍රහලෝකයේද? නැතිනම් වෙනත් ග්‍රහලෝකයකද?

:       12       3

දයාසේන Sunday, 26 May 2024 06:16 AM

අපේ ග්‍රහ ලෝකය කියන්නෙ පෘථිවියට .ඉතින් ඒකේ තවත් එකක් නැහැ අපේ පෘථිවිය සමග තියෙන්නෙ සද පමණයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සිට සුපුන් කියා තියෙන්නෙ ආලෝක වර්ෂයක දුර පමණයි ඒක 40 න් වැඩිකරන්න ඕන එතරම් දුරකින් තමයි ඔය අලුතින් සොයාගත් ග්‍රහ ලෝකය තියෙන්නෙ

:       0       0

chanditha kapila bandar bannayake Saturday, 25 May 2024 09:45 AM

මේ විශ්වයේ සොයානොගත් තාමත් විද්‍යාඥයින්ට හිසරදයක් වුණු විශ්වයේ බිහිවීම, පැවැත්ම ආදිය අදටත් ගැටළු සහගතයි. සමහරවිට අනාගතයේ පුළුවන් වෙයි... බැරි වෙන්නත් පුළුවන්...!

:       0       3

සුපුන් චාමර Saturday, 25 May 2024 08:04 PM

කවදාවත් කිසිම මිනිහෙක්ට යන්න තියා හිතන්නවත් බෑ. ආලෝක වර්ශයක් කියන්නෙ තත්පරයකට ආලෝකය ගමන් කරන දුර. වගේ 365 ගුනයක්. ඒ කියන්නෙ 300000km x 60 x 60 x 24 x 365

:       0       1

Perera Sunday, 26 May 2024 06:45 AM

චිචියාගේ රොකට් එක එහේ ගිහිල්ලාවත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site