IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සහ ඔහුගේ ප්‍රධානතම වෙඩිකරු ලෙස සැලකෙන ගොත අසංක නැමැත්තා ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් පවතින බව මේ රට මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පාතාල මර්ධන කටයුතු වල නිරතව සිටින පොලිස් කණ්ඩායම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී 2018 වසරේ දී ඉන්දියාවට පලාගොස් තිබුණේ මන්නාරමට ගොස් එහි සිට බෝට්ටුවකින් යැයි එම බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීය.

ඉන්දියාවට පලාගිය ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඔහුගේ ගෝලයා වන ගොත අසංක සමඟ එක් වී මෙරට සිටින ඔවුන්ගේ ගෝලබාලයන් මෙහෙයවමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ,කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකරන බවට දපොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

කුමන හේතුවක් මත ඉන්දීය ආරක්ෂක  මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ දැයි යන්න ගැන තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවට නිල වශයෙන් තවම දැනුම්දීමක් කර නොමැති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීහු වෙන් කළ විමසුමකදී කීය.

ඔවුන් දෙදෙනා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවට ආරංචි පැතිර යන බව ද පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ද තහවුරු කළේය .

 



අදහස් (3)

පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු

de silva Monday, 21 August 2023 08:11 AM

පාතාල කාරයින්ට සහ කුඩු කාරයින්ට උසාවියෙන් ලැබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතිනම් ඔවුන්ව දුරකථන අවහිර කරවන්න විශේෂ සිර ගෙදරක රඳවන්න ඕනේ. හිරගෙදර ජේලර්ලා මුදල් අයකර ඔවුන්ට දුරකථන ලබාදෙන නිසා... ඔවුන් හිරගෙදර තුළ සිට කප්පම් ගැනීම, මිනීමැරීම සහ කුඩු ජාවාරම ක්‍රියාත්මක කරනවා.

:       0       17

කිරිපුතා Monday, 21 August 2023 09:28 AM

මෙහෙට ගෙනැල්ලා නිදොස් කොට නිදහස් කරමු...

:       0       16

wedage Monday, 21 August 2023 10:54 AM

එතකොට ඛන්ජිපානි ඉම්රාන් මට්ටුවෙලා නැද්ද

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site