IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පුත්තලමේ කඩොලාන වනාන්තර අටක් රක්ෂිත වේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂීත බවට පත් කිරීම ජුලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකිමේ දිනය වෙනුවෙන් කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පවසයි.

මෙවර ලෝක කඩොලාන සුරැකිමේ දිනය ලබන 26 දින ආනවිළුන්දාව රැම්සා අභය භුමියෙදි සැමරිමට පරිසර අමාත්‍යංශය කටයුතු කර තිබේ.

එයට සමගාමිව පුත්තලම දිස්ත්‍රික්කයෙ පිහිටි කඩොලාන වනාන්තර 8 ක් මෙලෙස රක්ෂීත ලෙස නම් කිරීම සිදුවන බව පරිසර අමාත්‍යාවරයා පවසයි.

එසේ රක්ෂීත ලෙස නම් කර ඇත්තේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පනිරෙන්ඩාව බිට්ටුවට අයත් 543 ඒ ගලහිටියාව, 504සී ගලහිටියාව ග්‍රාම නිළධාරි වසමේ පිහිටි පනිරෙන්ඩාව,හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ පිහිටි 577 වෙරළබඩ ග්‍රාම නිළධාරී වසමේ පිහිටි හලාවත,566 ග්‍රාම නිළධාරි වසමේ පිහිටි මැරවල,566 වසමේ පිහිටි මැරවල,හා 561 කාකක්කපල්ලිය ග්‍රාම නිළධාරි වසමට අයත් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් 583 කුසල,582 කරුකුපනේ යන කඩොලාන වනාන්තර බව පරිසර අමාත්‍යංශය පවසයි.

 



අදහස් (1)

පුත්තලමේ කඩොලාන වනාන්තර අටක් රක්ෂිත වේ

රුවන් Wednesday, 23 July 2025 09:19 AM

මේවාට කමෙන්ට් දාන්න කවුරුත් නෑ. මොකද කඩොලාන වල වටිනාකම දන්නේ ලංකාවේ සුළු පිරිසක් විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 346 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site