
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත ) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා වූ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී මෙම පනත්කෙටුම්පත් ත්‍රිත්වයම පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය පළමු වර කියවීම සඳහා 2025.06.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ) 2025 අංක 9 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත) 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 11සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වේ.
ඒ අනුව 2025 අංක 09 දරන සේවකයනගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත මගින් සේවකයන්ගේ අයවැය සහන දීමනාව 2025 මාර්තු 31 දින සිට ගෙවීම නැවැත්වීම 2025 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.
එමෙන්ම 2025 අංක 10 දරන, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත මගින් 2025 මාර්තු මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි අයවැය සහන දීමනාව ගෙවීම නැවැත්වීම , 2025 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.
2025 නොවැම්බර් මස 04
346
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1630
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පඩි වැඩි කරන පනත් වලට කතානායක අත්සන් කරයි
fairoos Thursday, 24 July 2025 11:53 AM
නියමයි... වතු කම්කරුවන්ගේත් පඩි වැඩි කරන්න.