IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පාඨලී එක්සත් ජනරජ පෙරමුණෙන් එයි

(ෂේන් සෙනෙවිරත්න)

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මස 22 වැනි දින ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ බව  දැනුම් දෙමින් එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු මහා නා හිමියන්ට පිළිගැන්වීමද ඒ මහතා අතින් සිදු කෙරුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක්  අද පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ   තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඒ බව දැනුම් දුන්නේය.

එහිදී මහා නායක හිමියන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කළකිරීමක් ඇතිව බවත්ය . එම සාම්ප්‍රදායික දේශපාලනය ගැන කලකිරී ඇති මේ රටේ උගතුන් වියතුන් රට හැර යන තත්වයට පත්ව තිබෙන බවද පැවසීය.

බංකොලොත් භාවයට පත් වූ ඇතැම් රටවල් වසර දෙකක් තුනක් වැනි කාලයකදී නැවත යථා තත්වයට පත්වූ අවස්ථා තිබුණත් ඇතැම් රටවල් නැවත යථා තත්වයට පත්වීමට දශක ගණනාවක් ගත වූ බවත් එසේ කෙටි කාලයක් තුළදී රට නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීමට රටේ එකමුතු භාවයත් වැඩ කළ හැකි පළපුරුද්ද ඇති සබුද්ධික වෘත්තීයවේදීන් අතට මේ රට පත් විය යුතු බවද පැවසීය.

මෙරට රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ඔවුන්ගේ තැන්පත් මුදල් වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවත් එම මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්වයක් ඉදිරියේ දී රජයට ඇති විය හැකි බව ද පැවසීය . එසේම මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් ද රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවද පැවසීය.

 



අදහස් (11)

පාඨලී එක්සත් ජනරජ පෙරමුණෙන් එයි

ලුම්බිණි Monday, 15 May 2023 03:03 PM

රට බංකොළොත් වෙලා වගේම මොන පක්ෂෙන් ආවත් ඒ එන කට්ටියත් බංකොලොත් වෙලා නේ....

:       7       19

Hafeel Monday, 15 May 2023 04:25 PM

ඉතින් ඔයාත් සාම්ප්‍රදායික දේශපාලකයක් තමයි. රිය අනතුරක් සිදුකළ බවට දැනට නඩුවකුත් විභාග වෙනවා.

:       8       9

Nimal jayasiri Tuesday, 16 May 2023 01:57 AM

සරමක් අඳින කෙනෙකුට ජිහාඩි කොල්ලෝ කවදාවත් කැමති වෙන්නේ නැහැ

:       0       1

Kulr Monday, 15 May 2023 04:48 PM

කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. කැලේ මාරුවුණාට පුල්ලි මාරු වුණෙත් නෑ...

:       5       11

දාස Monday, 15 May 2023 04:50 PM

මේ මල විගඩම්...

:       5       13

NIMAL Monday, 15 May 2023 06:10 PM

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් නොව මේ රටේ ජනතාවට වර්තමානයේ සිටිනා බහුතරයක් දේශපාලකයින් පිළිබඳව කළකිරීමක් ඇත. මේ චම්පිකගේ කීවෙනි පක්ෂයද? 43 වැනි සේනාංකයට මොකද වුනේ...?

:       4       7

Mohandas Monday, 15 May 2023 07:37 PM

මෙයා සල්ලාලයෙක්.., මෙයාට මොන පක්ෂයක්ද, ගෙදර ගිහින් පොරවාගෙන නිදාගන්නවා මිසක්, මොවුන් ඔක්කොම ඉන්නේ ජනාධිපති, අගමැති සිහිනවල...

:       5       5

Bamunuarachchi Monday, 15 May 2023 08:57 PM

මොකෙන් ආවත් පාඨලී පාඨලීම තමයි. මෑන් අර ළමයෙක් හප්පා සදාකාලික අබ්බගාතයෙක් කරපු නඩුවට මොකද වුනේ...? මිනිහා කව්ද කියලා අපි ඒ සිද්ධියෙන් දැනගත්තා...

:       0       0

sundara Tuesday, 16 May 2023 01:50 AM

වැඩක් කරන්න පුළුවන් දැනුමක් හා උගත්කමක් ඇති කෙනෙක් . නමුත් ලොකු ඉගෝ එකක් තියෙන නිසා කණ්ඩායමක් ලෙස වැඩකරන්න බැහැ . එනිසාම අර ෆොන්සේකා වගේම දේශපාලන කුණු බක්කියට වැටෙන තවත් කෙනෙක් . පක්ෂ මාරුකරපු වාරගණන මෙයාටත් මතක නැතිව ඇති.

:       0       1

ashok Tuesday, 16 May 2023 07:38 AM

ම‍ෙම පක්ෂය‍ේ නම එක්සත් ඡනපද ප‍ෙරමුණ යනුවෙන් සංශෝධනය විය යුතුයි;

:       0       0

Wasa Tuesday, 16 May 2023 07:44 AM

එක්සත් පුක ජන පෙරමුණ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 873 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1289 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site