(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව රුපියල් 290 ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265 කි.
ඉකුත් සතිය තුළ ද ආනයනික තිරිඟු පිටි තොග මිල පහත දැමීමට ආනයනකරුවන් පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් මෙරට ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බැවින් ආනයනික තිරිගු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදන වල මිල පහත දැමීමක් සිදු කිරීමට නම් එම පිටි සමාගම් දෙකේ සහ ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 250ක් දක්වා මිල පහත දැමිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කේ ජයවර්ධන මහතා කියා සිටී.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පිටි මිල 265 දක්වා පහළට
චින්තක Thursday, 20 October 2022 09:37 AM
කලින් කිව්වේ 270/= අඩු කලොත් බේකරි නිෂ්පාදන මිල පහල දමනවා කියලා දැන් 250/= ලු අනේ මන්දා ?
Bamunuarachchi Thursday, 20 October 2022 02:25 PM
කිරි අප්පට එහෙනම් පාන් නොමිලේ දෙන්න පුළුවන්.