IMG-LOGO

පෙට්‍රල් නැවට බාලගිරි දෝෂයද?

 

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම නෞකාව පිළිබඳව කළ විමසුමකදී බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ ‘නැව තවම ආවේ නෑ’ ලෙසය.

එම නෞකාව ශ්‍රී ලංකාවට ඊයේ පෙරවරුවේ ළගාවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (23) පෙරවරුවේ පැවසූ අතර එම නෞකාව පෙරේදා පෙරවරුවේ පැමිණෙන බව අමාත්‍ය විජේසේකර මහතා මීට පෙර පවසා තිබුණි. 



අදහස් (8)

පෙට්‍රල් නැවට බාලගිරි දෝෂයද?

amara Friday, 24 June 2022 06:10 PM

නැවේ නම මොකද්ද කිව්වොත් අපි ගෙනැල්ලා දෙනවා...

:       1       9

69 sri 2019 Friday, 24 June 2022 08:08 PM

නැවේ ටයර් ඔක්කොගේම හුළං බැහැලා තියෙන්නේ මුහුදු මැදදිලුනේ. දැන් ඇමැතිවරයා දස අතේ කල්පනා කරනවාලු මොකද කරන්නේ කියලා එහෙම කිව්වේ මම නොවෙයි හොඳේ.. 2019/2020 කාලේ ඡන්දය සදහා මහන්සි වෙච්චි රියන් භාගෙ කෙනෙක්...

:       2       9

BamunuarachchiSaturday, 25 June 2022 09:40 AM

නැව එන පාරදිගේ කඩාකප්පල්කාරී ජෙප්පෝ ඇණ තියලා.

:       2       3

APerera Friday, 24 June 2022 10:12 PM

ඇමැතිලා ඔක්කොම මාධ්‍ය ප්‍රකාශකයින් වෙලා වගේ. ඊටත් වඩා, ජනතාව නොමග යවන බොරු ප්‍රකාශ...!

:       1       2

Lal Saturday, 25 June 2022 08:12 AM

මින් ඇමැතිලා වෙනකොට අපි මැරෙන්නයි තිබ්බේ...!

:       1       2

Bamunuarachchi Saturday, 25 June 2022 09:37 AM

නැහැ, ඩොලර් නැති බහිරව දෝෂය..!

:       1       1

gampila Saturday, 25 June 2022 03:02 PM

මේ මොකද මේ? ගොට්ටේ හිලක්ද?

:       1       2

BamunuarachchiSunday, 26 June 2022 08:11 AM

හලෝ රටේ ඩොලර් නැතිකම ගොට්ටේ හිල නොවෙයි ඔහෙලා 1960 සිට පිනට කාපු එකේ හා ආණ්ඩු පිනට දීපු එකේ ප්‍රතිඵල. ඩොලර් දීලා ගෙනාපු පොහොර ටික නොමිලේ අරන් අස්වැන්න විකුණන්නේ මොළකාරයාට. දහස් ගණනින් වියදම් කර ටියුෂන් අරන් විශ්ව විද්‍යාල ගියාම අපි තව රුපියල් 5000ක් දීලා උගන්වන්නේ පිනට... වැඩනොකර වර්ජනය කරන අයට පඩි ගෙවන්නේ පිනට... වැඩිගාණට ඩොලර් දීලා ඉන්ධන ගෙනැල්ලා අඩුගාණට මෙහෙ දීලා ඔහෙලා ලබපු ලාභ හා රජය ලබපු පාඩු තමයි දැන් ගෙවන්නේ... පෝලිම්වල ඉඳලා ගෙවන්න. මේක අවුරුදු 21/2කින් ඇති වෙච්චි හිරවීමක් නොවෙයි, රබර් දීලා ගත්තු සහල් නොමිලේ කාපු කාලේ සිට ආපු හිරවීමක්. යතාර්ථය ඕකයි හලෝ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site