අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී යානය, අනතුරට පත් වී කඩා වැටුණේ කසක්ස්තානයට ඉහළින් පියාසර කරද්දීය. අංක 8432 එම යානය, අසර්බයිජානයේ බාකූ අගනුවර සිට දකුණු දිග චෙච්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබුණේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 67 දෙනකු සමඟය.
රුසියන් ගුවන් ආරක්ෂක මිසයිලය යානයට වැදීමත් සමඟ, නියමුවන්ට යානය පාලනය කර ගැනීමට නොහැකි වුණු අතර, එය හදිසි ගොඩබෑමක් ලක් කෙරුණි. එයින් යානයට දැඩි හානි සිදුවිය. යානයේ සිටි 29 දෙනකුගේ දිවි බේරා ගැනීමට යානයේ නියමුවන් සමත් වූයේ ඔවුන්ගේ ජීවිත පූජා කරමිනි. යානයේ නියමුවන් වීරයන් බවට පත් කිරීමට ඔවුන්ගේ එම ක්‍රියාව හේතුවක් විය.
අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව් පසුගිය දා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි. දහවල් 12 වෙද්දී, අසර්බයිජාන ජාතික ධජ අඩකුඹු කරමින්, මුළු රටම මිනිත්තුවක් නිහඬ වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියානු හමුදා, යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ, එය යුක්රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වනවිට සිදුකළ විමර්ශනවලින් තරහුරු වී ඇත.
පුටින්ට අමතරව, රුසියන් රජය මෙන්ම රැසියන් හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර ඇත. අසර්බයිජාන මගී යානය කඩා වැටුණේ රුසියාව වැරදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යැයි පළමුවෙන් අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශය.
(ඒ.එෆ්.පී.)
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුටින් සමාව ඉල්ලයි
ජයනාත් Sunday, 29 December 2024 07:38 AM
රුසියාව තම ආරක්ෂක පද්ධතිය නිසියාකාරව නිරික්ෂණය කළේ නම් මෙවැනි අත්වැරැදීම සිදුවන එකක් නැහැ. ඒත් ඇමරිකාව සහ ඊශ්‍රායලය දැන දැන අහිංසක මිනිසුන් ඉන්න තැන්වලට බෝම්බ දාලා මරණවා. ඒවාට සමාව ගන්නත් බැහැ දෙන්නත් බැහැ...
Nimal Sunday, 29 December 2024 08:17 AM
පරමාණු බෝම්බයක් ඔහොම ‘වැරදීමකින්‘ පත්තු වුණොත්..?
Lasa Sunday, 29 December 2024 10:31 AM
පූටින් ලෝකයේ සාමයට විශාල බාධාවක්. මිලිටරි මානසිකත්වය හා මමත්වය අධික මේ මිනිසා ඊළඟ ලෝක යුද්ධය වෙන ගමන් කරන බව පේන්න තියෙන්නේ. බහුතර රුසියානු වැසියන් මේවා අනුමත නොකරයි. බලය අනවශ්‍ය කාලයක් එකම පුද්ගලයකු මත පැවතීම අතිශයින් භයානකයි.