(ගයාන් සූරියආරච්චි)
වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආසන සංඛ්‍යාවක් නොලැබුණත් යම් කිසි මන්ත්‍රී කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට හැකි වූ අතර එමගින් එක්සත් ජාතික පක්ෂය පදනමක් ඇතිව නැවත යථා තත්ත්වයට ගැනීමට හැකියා ඇති බවද විජයවර්ධන මහතා පැවැසීය.
ඔහු මේ බව පැවැසූවේ කොළඹ මල්පාර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (8) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවැසුවේ මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්දය ලබාදුන් සියලු දෙනාටම ස්තූතිය පුදකරන අතරම මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට ද හැකියාව ලැබුණු බවය.
ඉදිරියේදී පක්ෂයේ සියලුම දෙනාම එකට එකතුවී ඉදිරි මහා මැතිවරණයේදී හොද ප්‍රතිඵලයක් ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන ද විජයවර්ධන මහතා පැවැසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්
සෙනෙවිරත්න Friday, 09 May 2025 06:53 AM
මෙන්න වෙරවූ මීයෙක්, පචයො කවුද කියල රටම දන්නවා. මාමගෙ නැට්ටෙ එල්ලිලා පොරක් වෙන්න හැදුවට ඒක කවදාවත් වෙන්නෙ නැහැ. ඔයාටම හරියනව අපි ගාල්ලෙන් එවපු කොට මෑන්.
Athula Friday, 09 May 2025 01:25 PM
ඔබලාට බැහැ කියපු සේරම දැන් ලාබ ලබනවා. නය කඳු විතරයි ඔබලා ගොඩ ගැහුවේ.. ඒවා පචද..? Wifi laptop කොහොමද..? Woxwagan කෝ.?
ප්‍රියන්ත Friday, 09 May 2025 03:46 PM
එසේ පැරදවිය යුතු නම් කළ යුත්තේ අනිකුත් පක්ෂ සමඟ ඩීල් දමා පරණ පුරුදු විදියට නොව, තමුන්ගේ පක්ෂය මහජනතාවගේ සහයෝගය ලබාගෙන බව හිතාගන්න දැන්වත් මොවුන්ට මොලේ පෑදී නැත.