IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුංචි ආණ්ඩුවල දූෂණ මඩින්න විමර්ශන ඒකක

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මැඩීම සඳහා විමර්ශන ඒකක පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය.

අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා වල ස්ථාපිත කිරීමට ද මෙහිදී අනුමැතිය හිමි විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දෙන ලදී.

පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට සාධනීය පිළියම් ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.

පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන්ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මේ වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී  පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුළසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනා‍යහන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

පුංචි ආණ්ඩුවල දූෂණ මඩින්න විමර්ශන ඒකක

පිටිගල මිලානෝ Thursday, 15 May 2025 05:37 PM

අන්න නියමයි…. බෝතල් පත්තර වගේ ඔලුගෙඩි සෙල්ලම් වලින් අටවගෙන වරෙල්ලකො හොරකම් කරන්නම…. සොරිම තමයි…

:       0       0

යෝගා Thursday, 15 May 2025 06:35 PM

ඔය උනන්දුව රතු ලේබල් කන්ටේනර් 323 පන්නපු හොර මගඩියටත් දක්වන්නකො. ලංකා ඉතිහාසයේ විශාලතම හොරකම ඒක වෙන්න ඕන.

:       0       0

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Thursday, 15 May 2025 06:54 PM

බොහොම හොද අදහසක්. හැබැයි ජනාධිපතිතුමා 2025.01.20 දින යොමු කල ලිපියට තවම දකුණු පළාත් ආණ්ඩුකාරයාගෙන් මට ලිපියක් නැහැ.දකුණු පළාත් ආණ්ඩුකාරවෙරයාගේ දූෂණ ගැන මම වෙනමම ලිපියක් සකස් කරනවා.කිසිම නීතියකට වැඩක් කරන කෙනෙක් නොවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ. පළාතේ පධාන ලේකම් ඇතුලු පරිපාලන සේවයේ නිලධාරීන් බොහොමයක් එහෙම තමයි.එතකොට ඒ දූෂණ ගැන විමර්ශණය කරන්නෙ කවුද.එම නිසා ජකාඡිපති තුමා ගාල්ල දිස්තික් සංවර්ධන කමිටුවට සහභාගි වෙලා මටත් සහභාගි වෙලා තියෙන ගැටලු කියන්න අවස්ථා වක් දෙන්න.මම නලින් හේවගේත් කීවා මට ආණ්ඩුකාරයා එතුමා ඉදිරිපිටදී විනාඩි 5 කට මුණගැසෙන්න අවස්ථාවක් දෙන්න කියල.නමුත් ඒක ඉටු කලේ නැහැ. ඇත්තටම කියනව නම් දකුණේ ආණ්ඩුකාරයයි,පධාන ලේකම් ඇතුලු කිහිප දෙනෙක්ම ඉන්න ඕනැ බන්ධනාගාරයේ. මේවට පියවර නොගතහොත් ස්ථිරවම මාලිමා රජය තව වසර කිහිපයකදී ජනතා අපසාදයට පත් වෙනවා.මම ඉතා වගීමෙන් කියන්නේ.ආණ්ඩුතාරයා දන්නව මම කවුද කියල. පධාන ලේක්ම්ද දන්නවා නමුත් මේ දෙන්නම බොරැ කාරයෝ . මම වගකීමෙන් කියන්නේ. ජනාධිපතිතුමා මාව කැදවූව හොත් මම එනවා එරතුමා හ මුවී මේව කියන්න. පුලුවන් නම් ආණ්ඩුකාරයටයි පධාන ලේකම් ටයි එන්න කියන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site