IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නි,ඇමැති කෙනෙක්- මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා

(අංජුල මහික වීරරත්න)

නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද(23) පැවසීය.

පාර්ලිමේන්තුව ඇතුලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්,මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතු බවද අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

"ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකට ඉතාම නරක විදියට තවත් මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අසෝබන ලෙස කතා කර ඇතැයි පාර්ලිමේන්තුව ඇතුලෙන් මට ආරංචි වුණා.ඔහු කලින් අධ්‍යාපනය සම්බන්ධවත් වගකීම් දරපු පුද්ගලයෙක්.පාර්ලිමේන්තුව ඇතුලේ බොහොම හයියෙන් යම් කාරණා ගැන කතා කරනවා.පාර්ලිමේන්තුව ඇතුලේ චන්ඩ් කතාවක් කරලා ඒ ගමන්ම එළියට ගිහිල්ලා දක්ෂ, තරුණ මාධ්‍යවේදනයකට නොකළ යුතු පීඩාකාරී අයුරින් තවත් අය ඉදිරිපිටදී හිංසාකාරීන් ලෙස කතා කර තියෙනවා.

ඒ වාචික ප්‍රහාරයට ලක් වීමට අකමැති බවට දිගින් දිගටම ඇය ප්‍රකාශ කරද්දී මෙලෙස ඉරිහැරයට ලක් කර තිබෙනවා.

මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම විදියක,කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතුයි.විශේෂයෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අපට තිබෙනවා.මේ මාධ්‍යවේදනියට අදාල නියෝජ්‍ය අමාත්‍යවරයා තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපිට කරපු මේ බරපතල අපචාරී ක්‍රියාව අප තරයේ හෙලා දකිනවා.මේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමේ වගකීමක් ජනාධිපතිවරයාට තිබෙනවා.

මේ උදවියට රාජ්‍ය බලය ඇඟට ගහල තියෙන්නේ. තමන් එක්ක එකට වැඩ කරපු ප්‍රසිද්ධ දක්ෂ මාධ්‍යවේදනියකට මේ අයුරින් සැලකීම බරපතල උද්දච්චකමක්.බරපතල වරදක් ලෙස අප දකිනවා. ඇත්ත වශයෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවා ඔහුට එරෙහිව කටයුතු කරන්න පුළුවන් යනුවෙන්ද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

 



අදහස් (9)

නි,ඇමැති කෙනෙක්- මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා

චීත්ත මහින්ද Sunday, 23 November 2025 04:58 PM

ඔන්න මම නම් නෙමෙයි !

:       24       15

චීත්ත ඉරාජ්Sunday, 23 November 2025 06:22 PM

බය නැතුව නම කියන්න, අයියා ....

:       0       0

Samith Sunday, 23 November 2025 07:18 PM

ඔය කියන්නේ අර ජයටම සිංහ සලකුණ තියන කෙනෙක් ගැනද. හැබැයි සිංහ සලකුණ කෙසේ වෙතත් චීත්ත වැඩක් තමයි කරලා තියෙන්නේ.

:       0       0

කපුරුහාමි Sunday, 23 November 2025 06:36 PM

සුද්දවන්තයෙක් කතා කරයි. මාද්‍ය වේදීන් අතුරුදහන් කරන කොට,ගාතනය කරන කොට,අතපය කඩලා අඩන්තේට්ටම් කරන කොට කොහෙද දන්නේ නෑ හිටියේ?

:       0       0

කව්ද බෝයි Sunday, 23 November 2025 11:16 PM

වැඩේ කරපු නි. අමතියාවත් දන්නවනං, සාක්කිත් තියෙනවනං, වැඩේත් අනීතිකයිනං, මොංගල් මාද්‍ය සංදර්ශණ දාන්නේ නැතිව ඒ මාද්‍යවේදීනියට නීති මගින් කටයුතුකරන්න නොමිළේ නීතිඥ සහය දුන්නොත් නරකද ?

:       0       0

ලුම්බිණි Monday, 24 November 2025 04:19 AM

පැමිණිලි නොකරන්නේ මොකද?

:       0       1

සාලිය Monday, 24 November 2025 07:23 AM

ඉතින් සුපිරි චීත්තයක් තමා මූණෙන් පේනවා.

:       0       1

දයාන් කන්නන්ගඅර Monday, 24 November 2025 06:37 PM

වෙඩිල්ල කරන්නේ නැතිව සොයලා බලල කථා කරපන් බැදුම්කරේ බෝ පැලේ..

:       1       0

දිමුත් Tuesday, 25 November 2025 11:15 AM

ඉතින් කතානායකට පුලුවන්නෙ කමිටුවක් දාන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 233 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site