IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ

පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය බලා පැමිණ සිටී. 

ඒ, මිල්වෝකි නගරයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුවට සහභාගී වීමටය. 

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙම ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම සිදුවනු ඇත්තේ මෙම රිපබ්ලිකන් පක්ෂ සමුළුවේදීය.

මිල්වෝකි රිපබ්ලිකන් පක්ෂ සමුළුව සැලැසුම් කර තිබුණේ මීට මාස ගණනාවකට පෙර සිටය. රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්, පක්ෂ ප්‍රධානීන් සහ ආධාරකරුවන් ඊට සහභාගී වී, ට්‍රම්ප් නිල අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදු කරනු ඇත. බොහෝ දෙනා විශ්වාස කළේ වෙඩි ප්‍රහාරයෙක් දිවි ගලවා ගත් ට්‍රම්ප් මෙම පක්ෂ රැලියට සහභාගී නොවනු ඇති බවය. 

පෙන්සිල්වේනියා මැතිවරණ රැලිය අමතමින් සිටි ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල විය. එයින් එක් ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ දකුණු කන තුවාල විය. එය බරපතළ තත්ත්වයක් නොවුණු බැවින්, රෝහල්ගත කර තුවාලයට බෙහෙත් දැමූ සැණින් ට්‍රම්ප් රෝහලෙන් පිටවී ගිය බව සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක අංශය පැහැදිලි කර තිබුණි.

ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම, ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් මිල්වෝකි බලා පැමිණියේ අවස්ථාවේ, ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.

කෙසේ නමුත්, ඝාතන තැතකින් දිවි ගලවා ගත්තත් ට්‍රම්ප් වෙනුවෙන් ලබා දෙන ආරක්ෂාවේ වෙනසක් සිදු කර නැති බවත්, අමතර ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.

පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වෙයි. කෙසේ නමුත් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් සිදු කර නැත. තමන්ට කඩිනමින් ආරක්ෂාව ලබා දී, තමන් ආක්ෂා කර ගත් බවට ට්‍රම්ප් ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට, පොලිස් සහ හමුදා නිලධාරීන්ට ප්‍රසංශා කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයන්ට පවසා ඇත්තේ තම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාවට තර්ජනයක් සිදුවූයේ කෙසේදැයි යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site