(ජේ.ඒ.එල්. ජයසිංහ, චන්දන උඩුවාවල සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුහු බේරාගනු ලැබූහ.
කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතකු රැජින හෝටලයේ කොරිඩෝව මතට කඩාවැදී කලබල කිරීමත් සමග ඇත්ගෝව්වෝ පිරිසක් මහත් වෙසෙක් දරා එම ඇතා බැඳදැමීමට කටයුතු කළහ.
කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය. මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව ආරක්ෂක අංශ පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනන්තරේ ජීවත් වෙන සතුන් නගරෙට ගෙනාවම, උන් දන්නවද නගරේ හැසිරෙන හැටි?
සත්තුන්ට තරම්වත් මොළයක්, මිනිස්සුන්ට නැති උනාම ඔය වගේ සිදුවීම් සාමාන්‍යයි. අනික ඉතින්, කුලප්පු වෙච්ච මිනිස්සු ඉන්න රටක, අලි කුලප්පු නොවී ඉන්නේ කොහොමද..? මට තියන කනගාටුව, ගෝත්‍රිකයින්ගේ සංස්කෘතික සංදර්ශනවලට, ආගම දහම ගාවාගෙන තියන එකට...
එක පාරකුත් නුවර පෙරහැරෙ අලි කුලප්පු වෙලා රටේ නායකයට ගෙදර යන්න උනා
අපේ රටටම ආවේනික මේ වටිනා සංකෘතිකාංගය එසේ මෙසේ එකක් නෙවේ. මෙවැනි සිද්ධීීන් සිදුවිය හැකිය. කිසිවෙකුටත් හානියක් නැති වීම සතුට ට කාරණයකි.
හදිසි අවස්තාවක ක්‍රියා කලයුත්තේ කෙසේද කියා හරි හමන් වැඩ පිළිවෙලක් පෙරහැර සංවිධායකයින් සතුව නොතිබුන බවයි පෙනී යන්නේ. කලබලවූ එක අලියෙක් හිස දෙපසට හරවමින් ඉතාම නොසතුටෙන් මෙන්ම නොඉවසිල්ලෙන්සිටිනා බව කාටත් දැකගන්නට ලැබුන දෙයක්.
ඔය එලොවටත් නැති මෙලොවටත් නැති මිනිසුන්ගේ කාලයත් ශ්‍රමයත් මුදලුත් කා දමන පෙරහැරවල් වහාම නවතා දැමිය යුතු කාලය එළඹ ඇත. ඒ ශ්‍රේෂ්ඨ බුදු දහම මායාවෙන් වසා දමන මේ සංස්කෘතික සංදර්ශන නවතා දමා ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු කාලය එළඹ ඇත
දැන්වත් මේ හරසුන් විකාරය නැවත්වීමට කටයුතු කල යුතුයි.අලි ඇතුන් හෝ බල්ලන් පූසන් හරකුන් ඇතුලුව සියළුම ලොකු කුඩා සතුන්ට හිංසා වෙන ලෙස කටයුතු කිරීම තථාගත බුදුන් වහන්සේගේ දහමෙන් අනුමත කර නැති බව මේ මුදලාලිලාට අවබෝධ වේවා...
බුදු හාමුදුරුවෝ කවදාවත්, සතෙක්ගේ පිටේ වැඩියේ නෑ, ඒ වගේම සතෙක් බැඳපු කරත්තෙක වැඩියේ නෑ. කොච්චර දුර උනත් වැඩියේ පයින්. ඒ වගේම සංඝයා වහන්සේටත් සතෙකුගේ පිටේ වඩින්නත් , සත්තු බැඳපු කරත්තව වදින්නත් එපා කියල විනය නීතියක් පැනෙව්වා. දළදා කරඬුව වඩම්මන්නේ බුදු හාමුදුරුවෝ කියල සලකාගෙන. ඉතින් කවදාවත් සතෙකුගේ පිටේ නොවඩපු බුදු හාමුදුරුවෝ නියෝජනය කරන කරඬුව සතෙකුගේ පිටේ වඩම්මන එක කොච්චර නිවැරදිද?
දැන් මෙකට කලබල වෙලා කුලප්පු වෙන්නෙ ... මහ සත්ව අවිහින්සාවාදීන්.....
මේවා ඉඳහිට සිදුවන දේවල්... ජීවිත හානි සිදු නොවීම සතුටට කරුණක්...
බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩි.
ලෝකයේ බොහො රටවල් සහා මිනිසුන් සත්ව හිංසාව ප්‍රතික්ෂේප කරනවා ඒවගේම දැන් තාක්ෂණය දියුණුයි ඒ අනුව පෙරහැරවල් නවීකරණය තර ගත යුතුවෙනවා. එහෙම නැතුව අපෙ සම්ප්‍රදායික උරුමයක් වන මේවා වෙනස් කරලා බැහැ වැනි අනුවන කතා කියමින් ලතවීමෙන් ථලක් නැහැ.
මෙ සත්ව හින්සාව නවත්වන්න කාලය හරි. අවශ්ය නම් මෙ සතුන්ට දලදාව වදින්න අවස්තාව දෙන්න පුලුවන්. ගිනිබොල, බෙර සද්ද එක්ක ජීවත්වෙන සත්ව කොටසක් නෙමෙයි අලි අතුන් කියන්නෙ.
මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් වගේ පේන්නේ. නැත්නම් අලියා තරහකින් හිටියා නම් මිනිස්සුන්ට කරදර කරනවා. මේක ගැන හොයන්න. මේවා කරලා සමාජ මාධ්‍ය සහ මේවගේ බුද්ධාගම ගරහන්න බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. එයාලාගෙන් මේක ගැන තොරතුරක් ගන්න පුළුවන් වෙයි.
මම අහලා තියන හැටියට රාජ්‍ය පාලකයෝ දූෂිත වෙනකොට පෙරහැරේ අලි කුලප්පු වෙනවලු.
සතුන්ට හිංසා නොකර සුදු මලින් සැරසූ කරත්තයක් කරඬුව වඩම්මන්න යොදාගනිමු. එසේත් නැත්නම් බඩ තඩි නිලමෙලාට උස්සන්න දීලා දෝලාවක වඩම්මමු…?
මේවා අයත් වන්නේ සත්ව හිංසා වලට.. මේ තරම් උෂ්ණ කාලයක මේ අලියන්ට හරියට කෑමක් බීමක් ලැබෙන්නේ නැහැ. වසර ගණනාවකට පෙර පෙරහරට මහනුවරට ආ අලින්ට ඇති තරම ආහාර සහ ඔවුන්ව හොඳින් බලා ගනිමින් දිය නාවා ඔවුන්ගේ විචිත්‍රවත් ඇඳුම් අන්දවන්නේ... ඒ වගේම හොඳට ඇත් ගොව්වාගේ බසට හීලෑ වී සිටි අලි ඇති ඇතුන් පමණක් මේ සඳහා යොදා ගත්තේ... නමුත් මාලිගාවට ඇති තරම් අලි නැති නිසා පින්නවෙල ඉන්න අලි පවා එකතු කරගන්න ඇති සමහර විට... ඒ සතුන් මේ විකාර වලට පුරුදු නැහැ කලබල වෙනවා. මේ තරම් උෂ්ණ කාලයේ පැය ගණනක් වෙහෙසෙන මේ අලින්ට කියන්න පුළුවන්ද මට වතුර දෙන්න බොන්න කියලා. ඒ කිසිම දෙයක් ගැන හිතනවද මේ සංවිධායක වරු? මීට වඩා අකර තැබ්බයක් වෙන්න තිබුනේ. දැන්වත් මේ අලි නැතිව පෙරහැර කරන්න බැරිද 2018 වසරේත් මෙවැනිම දෙයක් සිදු වුණා. තාක්ෂණය අතින් ඉතාම හොඳට මේ කොප්පර පන්දම් වෙනුවට ඒ ආකාරයටම සැකසූ පන්දම හදන්න පුළුවන් අලියන්ගේ සහ නැට්ටුවන්ගේ කකුල පිච්චෙන්නෙත් නැහැ. ඒ වගේම කරඬුව ගෙන යන්න අලියා යන ආකාරයට විවිධ දේ කරන්න පුළුවනි.
කොසොල් රජතුමාගේ අසදෘශ මහා දානයට පෙරහැරේ ඇත්තු 500ක් එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේත් වැඩියා. මහ රහතන් වහන්සේලාත් වැඩියා. ඒ සතුනුත් පින් කරගන්නවා. දෙවියන් සහ මිනිස්සුත් පින් කරනවා. කවර ආකාරයේ හෝ ආමිශ පූජාවන් නිවැරදි බුද්ධ ධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නැත. බොධිසත්වයන් වහන්සේ විසින්ද අප්‍රමාණ ආමිෂ පූජාවන් සර්වඥතා ඥානය ලැබීම සඳහා කරන ලදී.
කොසොල් රජතුමාගේ අසදෘශ මහා දානයට පෙරහැරේ ඇත්තු 500ක් එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේත් වැඩියා. මහ රහතන් වහන්සේලාත් වැඩියා. ඒ සතුනුත් පින් කරගන්නවා. දෙවියන් සහ මිනිස්සුත් පින් කරනවා. කවර ආකාරයේ හෝ ආමිශ පූජාවන් නිවැරදි බුද්ධ ධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නැත. බොධිසත්වයන් වහන්සේ විසින්ද අප්‍රමාණ ආමිෂ පූජාවන් සර්වඥතා ඥානය ලැබීම සඳහා කරන ලදී.