IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක්

(සුජිත් හේවාජුලිගේ )

නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම්  කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද (12)  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

නීතිපතිවරයාගේ තීරණය  පිළිනොගන්නේ නම්  ආණ්ඩුව කළ යුත්තේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා එසේ කටයුතු නොකර  ආණ්ඩුව හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන  නීතිපතිවරයාට පහර දීම  යුක්ති සහගත නැතැයිද ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා නිදහස් කිරීමට උපදෙස්දී  ඇත්තේ ලසන්ත වික්‍රම තුංග මහතාගේ රියැදුරා පැහැර ගන්නා ලදැයි කියන සිද්ධියේ  සැකකරුවන් තිදෙනෙකු බවත්  වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණ  දිගටම යන බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

පක්ෂ විපක්ෂ බොහෝ දෙනකු මෙම සිද්ධිය වැරදි ආකාරයට පටලවාගෙන ඇති බවද ඔහු කීවේය.



අදහස් (12)

නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක්

ජිල්බු Wednesday, 12 February 2025 11:51 AM

මෙන්න හන්තාන පැත්තේ කැතවැඩ කරපු නැති මහත්තයෙක්. ගොන්නු ලවා යුද්ද කරන්න හිතපුවත් නැති උත්තමයෙක්.

:       4       66

බකල ජයාWednesday, 12 February 2025 01:25 PM

මිස්ට ජිල්බු, ලංකාවේ යුක්තිය, සාධාරණත්වය, නීතිය ගැන කතාකරන්න ඉදිරිපත්වෙන අය ගැන .... එක්කො ඕන්නෑ

:       1       35

සෙනෙවිරත්න Wednesday, 12 February 2025 12:03 PM

තමුන් නැහේගෙම පක්ෂයේ අජිත් පී පෙරේරත් අධිනීතිඥ නේද, එතකොට එතුම පාර්ලිමේන්තුවේ කියපු එක මොකක්ද ? කොහොමත් සජබෙ වලව්කාරයෝ රාජපක්ෂලා රකිනවා, ඒක හැමෝම දන්නවා.

:       4       46

chandima Wednesday, 12 February 2025 12:27 PM

එතකොට ඡන්දෙට කලින් නඩු කාරයෝ බොරුකරපු එක කැත වැඩක් නෙමෙයිද කිරෝ? අපි මැරිලා ඉපදුනේ නැහැ.

:       4       37

රම්බොඩ Wednesday, 12 February 2025 12:42 PM

මෙයාලා ගැන හොඳ කියනව නෙවෙයි. හැබැයි මාලිමාකරණය නම් රට ඇතුලෙ තදින්ම යනවා. පළපුරුදු නැතිකම් නිසා කියපු කෙප්ප සේරම හෙළිවෙනවා. කරන වැඩ අනාගන්නවා.

:       42       10

පොඩිඑකාWednesday, 12 February 2025 01:28 PM

ඉතිං රබ්බඩ අයියේ ඔහෙට පේන්නෙ මාලිමාවෙ හොද වැඩත් නරක විදියට විතරනෙ…!

:       4       25

Rata Perata Wednesday, 12 February 2025 01:55 PM

මේ වගේ රට කාපු කාලකණ්ණි තවම කයියා ගහගෙන ඉන්න එකනේ පුදුමේ.

:       4       24

Cham Wednesday, 12 February 2025 02:04 PM

අයියෝ... දැන්වත් බණපොතක් කියවන් යන තැනට වැඩක් කරගන්න ලොක්කා. ඉන්නකන් කරපු ටික ජනතාව දන්නවා. ඔයාලට ඕනේ කට්ටිය රාජ්‍ය සේවයේ දියාරු කරගන්න තියාගන්න දඟලන්නේ ඇයි කියලා ජනතාව දන්නවා.

:       3       16

ravin Wednesday, 12 February 2025 02:04 PM

මධ්‍යම අධිවේගයෙන් කරපු සෙල්ලම නීතිපති ලවා යටගහන්නද හිතාගෙන හිටියේ?

:       2       19

Kazi Shajahan Wednesday, 12 February 2025 02:08 PM

විකාර කරන්න එපා. ජනතාව 2/3 දීලා තියෙන්නේ හොරු, මිනීමරුවෝ, ජාතික ධනය හොරාකාපු අය අල්ලන්න. නැතිනම් නිදහස් කරලා ගෙදර යවන්න නෙවෙයි. ඒක ඔය කොයි කවුරුත් තේරුම්ගත යුතුයි.

:       4       17

ගමේ එකාලා Wednesday, 12 February 2025 02:23 PM

තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපි හොඳාකාරවම දන්නවා. කැත වැඩ ගැන මොන කතාද?

:       2       17

නිර්දෝශා අහින්සකා Thursday, 13 February 2025 06:00 AM

අනේ කිරෝ, රට කරගෙන යන මිනිස්සුන්ට ඒක කරගෙන යන්න දීලා ඉන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1319 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site