IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


නිලන්තත් වන්දිය ගෙවයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට නියමකර තිබු රුපියල් කෝටි 7 1/2ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවට ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කළේය.

අධිකරණයෙන් නියම කර තිබූ වන්දි මුදල් නොගෙවීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පවරා තිබු නඩුව විභාග කිරීමට මීට පෙර අවස්ථාවක තීරණය කර ඇති පසුබිමක වන්දි මුදල් ගෙවීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතා අධිකරණයෙන් සමාව අයැදීම සැළකිල්ලට ගනිමින් පෙත්සම් විභාගය අවසන් කිරීමට සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත්පුද්ගල විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.



අදහස් (10)

නිලන්තත් වන්දිය ගෙවයි

Niranga Monday, 07 October 2024 04:37 PM

ඔය සල්ලි හොයාගත්තේ කොහොමද කියලා හොයන්න...

:       8       156

lalindra Monday, 07 October 2024 05:16 PM

සල්ලි නිත්‍යානුකූලද දන්නේ නෑ...

:       2       55

විපරමා Monday, 07 October 2024 06:33 PM

පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පෙනී සිටියාට සන්තෝෂම් ලැබිලා ඇති .

:       0       50

sukitha Monday, 07 October 2024 06:42 PM

මානසිකත්වය ගැනත් සලකන්න. යන්ත්‍ර නෙමෙයි නේ. ජීවිත හානි වුවත් සිදු වෙන්න පුළුවන්...!

:       23       18

don Monday, 07 October 2024 08:10 PM

රටක් අගාධයට දමන්න හවුල් වුණ දුර්වල බලලෝභී මෝඩ බලධාරී නිලධාරියෙක්... ඔය ගැන රජයට ගෙව්වාම අර වෙච්චි හානිය පියවන්න පුළුවන්ද?

:       0       0

Asintha Tuesday, 08 October 2024 10:42 AM

මෙයාල තමන්ගේ වගකීම් හරියට ඉටු නොකිරීම නිසා අහිංසක මිනිස්සුන්ට එයාලගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා. දරුවන්ට අම්මා/ තාත්තා නැති උනා, දෙමාපියන්ට තමන්ගේ දරුවෝ නැති උනා. මේවගේ මිනිස්සුන්ට ආපසු පත්වෙන කිසිම කිසිම ආණ්ඩුවක වගකීමක්/ රැකියාවක්/ විශ්‍රාම වැටුපක් නොලැබිය යුතයි.

:       0       4

සුදේශ් Tuesday, 08 October 2024 01:26 PM

සල්ලි කොහෙන්ද කියලා හරියට හෙව්වා නම් මහමොල කාරයෝ නිකන්ම හොයාගන්ඩ පුළුවන්

:       0       1

ජගත් ලියනගෙි Tuesday, 08 October 2024 02:08 PM

මියගිය ජීවිත සල්ලි වලින් මනින්න පුලුවන් නං කොච්චර හොදයිද?

:       0       1

Ram Tuesday, 08 October 2024 02:52 PM

මෛත්‍රී ලොකු අයියා ඇතුළු අනික් අයගේ වන්දි ගෙව්වේ ඩඩ්ලි සිරිසේන කියලා කතාවක් යනවා නේද. මෙයාගේත් වන්දිය ගෙව්වේ ඩඩ්ලි සිරිසේන වෙන්න පුළුවන්. අයියා කරපු මගඩිය තමයි ඔක්කෝටම මුල. කරන්න බැරි ජනාධිපති තනතුරක් බදාගෙන කරපු හරියක්. අයියාගේ තරම මල්ලී දන්න නිසා ගෙවලා දැම්මද දන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1532 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site