
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර ඇත.
මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 - 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබේ.
ප්‍රංශ ධජයේ නිල් - සුදු - රතු වර්ණයන් ලාංඡනයේ ඇති මෙම කළු පැහැති තොප්පිය ලෝකය පුරා සිටින කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගත් බව වෙන්දේසිකරු ජීන් පියරේ පවසයි.නමුත් තොප්පිය මිලදී ගත් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට වෙන්දේසිකරු කැමැත්ත පළ කර නොමැත.
ඇමෙරිකානු ඩොලර් 655000 - 873000 අතර මුදලකට මෙම තොප්පිය වෙන්දේසි වේයැයි ඇස්තමේන්තු කළත් අවසානයේ එම මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට මෙම තොප්පිය අලෙවි වී තිබේ.
නැපෝලියන් බොනපාර්ට්ට වසර 15 ක කාලය තුළ මෙවැනි තොප්පි 120 ක් පමණ තිබී ඇති බවත් ඉන් බොහොමයක් මේ වනවිට නැති වී ඇති බවත් වෙන්දේසිකරුවන් පවසා ඇත.තොප්පිය නැපෝලියන් බොනපාර්ට්ගේ ප්‍රතිරූපය පිළිබිඹු කරන බවත් තොප්පියේ අවසන් හිමිකරු ව්‍යාපාරික ජීන් ලුවිස් නොයිසියෙස් මීට වසරකට පෙර මියගොස් ඇති බවත් පියරේ පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැපෝලියන්ගේ තොප්පිය කෝටි 68කට වෙන්දේසි වෙයි